06 February, 2015

ශිව දෙවි තෙදබල සපිරි "කෝනේෂ්වරම් කෝවිල"

ඕම් නමඃ ශිවාය!

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ තියෙන දිස්ත්‍රික්ක තුනෙන් ප්‍රධානම දිස්ත්‍රක්කය "ත්‍රිකුණාමලය" දිස්ත්‍රික්කයයි. ඒ නිසාම නැගෙනහිර පළාතේ පරිපාලන දිස්ත්‍රික්කය විදිහට කැපී පෙනෙන්නෙත් "ත්‍රිකුණාමලය"යි. අපේ රටේ ඉස්සෙල්ලාම හිරු උදා වෙන්නෙ හිරු ත්‍රිකුණාමලයට. මුළු ලෝකයේම අවධානය දිනාගත්තු "දකුණු ආසියාවේ විශාලතම ස්වභාවික වරාය" ‍තියෙන්නෙත් ත්‍රිකුණාමලයේ. නිලාවේලි මුහුදු තීරය හා පරෙවි දූපත, කින්නියා උණු දිය උල්පත් ළිං වගේ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගත්තු තැන් බොහෝමයක් ත්‍රිකුණාමලයේ තිබෙනවා. මං මේ කියන්න හදන්නෙ ඒ එකක් ගැනවත් නෙමෙයි. ත්‍රිකුණාමලයේ ශිව දෙවියන් හට කැපවූ කෝනෙෂ්වරම් කෝවිල ගැනයි. පහුගියදාක මං තට්ට තනියම ත්‍රිකුණාමලේ ගියෙත් මේ පුදබිම දැක වැඳ පුදා ගන්න. "ශිව දෙවිඳුන්"ගේ ආශිර්වාදයෙන් මගේ ජීවිතේට ආධ්‍යාත්මික ආලෝකයක් ලබාගන්න. 

පෙර ගමන්

"ඊෂ්වරම්" ප්‍රත්‍යය අගට එක්ව සෑදුනු නම් ඇති, අපේ රටේ ඊශ්වර හෙවත් ශිව දෙවියන් උදෙසා වෙන්වූ සිද්ධස්ථාන 5 ක් ගැන හින්දු ආගමික ඉතිහාසයේ සඳහන් වෙනවා (පංච ඊෂ්වරම්). රාවණා රජතුමා තැනවූ ත්‍රිකුණාමලයේ "කෝනේෂ්වරම්", රාවණා රජතුමාගේ මාමණ්ඩිය වන "මායා" විසින් තැනවූ මන්නාරමේ තැනවූ "තිරුකේතීස්වරම්", හලාවත "මුන්නේස්වරම්" කෝවිල හා යාපනයේ "නගුලේස්වරම්" හා මාතර "තොන්ඩීෂ්වරම්" තමයි ඒ කෝවිල්. මාතොට හෙවත් මාතර "තොන්ඩීෂ්වරම්" කෝවිල අද එතැන නෑ (එතැන දැන් තියෙන්නෙ ඔබ කවුරුත් දන්නා "දෙවිනුවර උපුල්වන් දේවාලය"යි.) 


පංච ඊෂ්වරම් පුදබිම්

තිරුකෝනේෂ්වරම් හෝ කෝනේෂ්වරම් යන නම් වලින් හැඳින්වෙන, මම වැඳ පුදාගත්තු, ඔබට තොරතුරු කියන්න හදන මේ කෝවිල ශිව දෙවියන් උදෙසා ලොව පුරා ඉදිවෙලා තියෙන පුදබිම් අතරින් වඩාත්ම බලවත් කෝවිල බව හින්දු බැතිමතුන් විශ්වාස කරනවා. ශිව දෙවිඳුන්, පාර්වතී දේවතාවිය වැඩ සිටි, කුඩා කාලයේ ගණදෙවියෝ හා මුරුගන් (කතරගම දෙවියෝ) ඇතුළු දේව කුමාරවරු මෙහි කෙළි සෙල්ලම් කළ පින් බිමක් යැයි ඔවුන් තරයේ අදහනවා. කෝනේශ්වරම් කෝවිල තියෙන කඳුගැටය (ස්වාමි කන්ද) ගැන කියැවෙන ජනප්‍රවාදයකට අනුව අතීතයේ දෙවියන් අතර හටගත්තු ගැටුමක ප්‍රතිඵලයක් විදිහට දෙවියන් වැඩ විසූ රන් කන්දෙන් කොටසක් කැඩිලා වැටුනු  කෑල්ල තමයි මේ කඳුගැටය. 

රාවණා රජ්ජුරුවෝ එකල ඍෂිවරු, මුනිවරු වගේ භාවනායෝගීන් ජීවත්වුණු "ගෝකණ්ණාශ‍්‍රමය" භූමියේදී (වර්තමාන කෝනේෂ්වරම් කෝවිල තියෙන තැන) ශිව දෙවියන් උදෙසා දැඩි ව‍්‍රතයක් සමාදන් වූ බව ජනවහරේ සඳහන් වෙනවා. රාවණා රජ්ජුරුවෝ ශිව දෙවියන්ටයි උන්වහන්සේගේ බිරිඳ වූ පාර්වතී දේවියටයි වන්දනාමාන කළේ, ගරු සරු දැක්වූයේ තමන්ගේම අම්මයි තාත්තයි විදියට සලකලා. රාවණා රජ්ජුරුවෝ තමන්ගේ පිතෘවරයා විදියට සලකන ශිව දෙවියන්ගෙන් "අමරණීයත්වයට පත් වීමට" වරමක් ඉල්ලුවා. "ඔබ කිසිවකුත් අතින් නොමැරිය යුතු කෙනෙක්" යැයි එදා රාවණ රජ්ජුරුවන්ට ශිව දෙවිඳුන් වරම් දුන්නේ මේ කෝනේෂ්වරම් පිංබිමේදී. මහා රාවණ රජ්ජුරුවෝ මේ භූමියේදී යෝග ධර්ම වඩද්දී විශ්වයෙන් ලැබුණු ශබ්ද තරංගයක් අනුව, ශිව දෙවියන්හට නමස්කාර කරන මහා බලවත් "ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රය" නිර්මාණය කරන්නටත් යෙදුනා.  

ශිව-පාර්වතී දේව ශක්තියත්, රාවණා රජුගේ ආධ්‍යාත්මික ශක්තියත් මේ බිමේ ගැබ්ව පවතින නිසා මේ පිං බිම මහා අනුහස් ඇති බිමක්. 

ශිව දෙවි වන්දනාව අපිට කැපද?

අපේ රට එදා හැඳින්වුණේ හෙළයාට අයිති රට, "හෙළය" හෙවත් "හෙළ දිවයින" කියලා. "ආර්ය ජාතියක්" වන හෙළයෝ පාරම්පරික ශිව භක්තිකයෝය. අදින් වසර හත්දහස් පන්සියයකටත් විතර කළින් හෙළ දිවයිනෙත්, හෙළයන්ගෙත් මහ රජු විදිහට ලොව සුපතළ වුණු රාවණා රජ්ජුරුවෝත් දැඩි ශිව භක්තිකයෙක්. ඒ බව රාමායණයේ සඳහන් වෙනවා. රාවණ රජ්ජුරුවන්ගේ මෑණියොත් දැඩි බිසව වූ මන්දෝදරි දේවියත් දැඩි ශිව බැතිමතුන්, ශිව අනුගාමිකයන්. එකල රාවණ රාජ්‍යයේ ප්‍රධාන ආගම වූයේ ශිව ආගම. රාවණා රජ්ජුරුවෝ දෙවතාවක් අපේ මේ ලක් පුරය ශිව දෙවියන් උදෙසා පූජා කළ බව ඉතිහාස ග‍්‍රන්ථවල සඳහන් වෙනවා. රාවණා රජ පරපුරේ රජවරු දස දෙනෙක් ගැන අපේ ඉතිහාසයේ සඳහන් වෙනව, ඒ සියළු දෙනාත් රටවැසියනුත් ශිව භක්තිකයන්ය. බුදු දහම ලංකාවට පැමිණීමත් එක්ක අපේ අතීත ලක් වැසියෝ බුදු දහම වැළඳ ගත්තට කිසිම වෙලාවක ශිව දෙවියන්ව අමතක කළේ නෑ. එහෙත් අද ශිව දේව වන්දනාව සිංහලයන් අතරින් ඈත්ව ගිහින්. ලක් පොළොවේ පළමු භාරකරුවා ලෙස වන්දනාමානයට පාත්‍ර වූ "ශිව" දෙවිඳුන්ව අති බහුතරයක් අපේ සිංහල ජනතාවට දැන් මතක් වෙන්නේ "දරුඵල ප්‍රමාද වෙද්දී" හෝ "ට්‍රිප් එකක්" ගියාම යන්න තැනක් හොයද්දි. මීළඟ පාර බුදුන් වැඳලා දෙවියන්ට පිං දෙද්දි "ශිව" දෙවියන්ටත් පිං දෙන්න දැන් ඔයාලට හේතුවක් තියෙනවා නේද? (අපි කළගුණ සළකන ජාතියක් නේද?)  

වන්දනාවෙ යං එහෙනං

පුළුවන් විදිහකට ත්‍රිකුණාමලේට එන්නකෝ. ත්‍රිකුණාමලේ කවුරුත් දන්න මධ්‍යම බස් නැවතුම්පොළ (බස් ස්ටෑන්ඩ් එක) ළඟ ඔරලෝසු කණුව ළඟින් නව බස් නැවතුම්පොළත්, මාළු වෙළෙඳපොළත් අතරින් වැටිලා තියෙන "කෝනේසර්" පාරේ මීටර 500ක් විතර ඇවිදගෙන යමු. (වයසක අයයි, පයින් යන්න කම්මැලි අයයි වාහනේම එන්න) බස් ස්ටෑන්ඩ් එකේ හැමතැනමත් කෝනේසර් පාර දිගේත් හීලෑ මුවෝ රංචු රංචු ඉන්නවා බලන්න ලස්සනේ බෑ.. 




වාහනවල යද්දි ඒවා බලන්න බෑ ඉතින්.. ඔහොම යද්දි මුහුදට මායිම් වුණු තුන් මං හන්දියක් හම්බෙනවා. හන්දියෙන් වම් අත පැත්තට තියෙන "2වන බලඇණිය ගජබා රෙජිමේන්තුව" ගල් පුවරුවත් එක්ක තියෙන පාරේ හමුදා මුර කපොල්ල පහු කරගෙන මීටර 100ක් විතර ගියාම "ෆෙඩ්‍රික් කොටුවට" ඇතුළු වෙන්න පුළුවන්. (කොටුව ගැන පොඩි විස්තරයක් පස්සෙ කියන්නම්කෝ). 




කොටුවට ඇතුළු වෙන්න පුළුවන් සැහැල්ලු වාහන වලට විතරක් නිසා අනිත් වාහන තුන්මං හන්දිය ළඟ කොහෙ හරි නවත්තන්න වෙනවා. කොහොම හරි වාහනේක කොටුවට ඇතුළු නොවී පයින් යන අයගේ තනි නොතනියට මුව රංචු ගොඩකුත් ඉන්න බව අමතක කරන්න එපා. පාරේ වම් පැත්තෙන් පරණ කාලතුවක්කු ටිකකුත් ඕලන්ද බොක්ක පැත්තට අටෝලා තියෙනවා.




කෝවිල ළඟටම වාහනෙන් යන්න පුළුවන් වුණත් පරිසරයේත් ගමනේත් අසිරිය රසවිඳින්නට පයින් ගමන හොඳයි කියලා තමයි මං කියන්නේ.. කන්ද පාමුල මාර ගස් හෙවනේ තියෙන යුද හමුදා සුභසාධක කැන්ටිමෙන් මහන්සි නම් තේ එකක් බොන්නත් පුළුවන්.. 



මම නම් ඔරලෝසු කණුව ළඟ ඉඳල කෝවිලටම තියෙන කිලෝමීටර් 1 හමාරක විතර සම්පූර්ණ දුර පයින් ගියේ, සනීපෙට මූදු හුලං වැදි වැදි මුව පැටවුන්ගෙ කෙළි සෙල්ලම් බල බලා, සොබා අසිරි සිරි විඳ විඳ..

කෝවිල පේනතෙක් මානයේ තියෙන කඩ පේළියෙන් අවශ්‍ය පූජා භාණ්ඩ මිලට ගන්න පුළුවන්. (දේව රූප, රසකැවිලි, මාල වළලු, සෙල්ලම්බඩු, සමරු සිහිවටන වගේ එක එක දහසකුත් දේවල් තියෙන පොඩි පොඩි කඩ කෝටියයි)  

ඔබ මේ කෝවිලට යන්නේ ශිව දෙවියන් වැඳපුදාගන්න.. ඔබ දැන් මේ ඇතුල්වෙන්න හදන පිං බිමේ එදා ශිව දෙවිඳුන් පාර්වතී දේවියත් ගණපති හා මුරුගන් දරු දෙදෙනාත් සමග සෙනෙහසින් වැඩ සිටිබව, කෝවිලට ඇතුළු වෙන්න කලින්ම ඔබට සිහිපත් කරවාලීමෙහි සමත් පිළිරූ පෙළක් ඔබේ දකුණු පැත්තෙන් හමුවෙනවා. 



හින්දු බැතිමතුන්ගේ පූජනීය සිද්ධස්ථානයක් වන තිරුකෝනේෂ්වරම් කෝවිලට ඇතුළුවෙද්දි පාවහන් හිස්වැසුම් ගලවලා, "ට්‍රිප් මානසිකත්වෙන්" මිදිලා, සන්සුන් වෙන්න. කෝවිල ඇතුලේ කෑකෝගහන්නෙ නැතුව, සංවරව හැසිරෙන්න කියලා කාරුණිකව ඔයාලගෙන් ඉල්ලන්නෙ ඉතාම ආදරෙන්.. 

කෝවිලකට ඇතුළුවෙද්දි අත්, පා සෝදන එක හින්දු බැතිමතුන්ගෙ චාරිත්‍රයක්. අපිත් කෝනේෂ්වරම් කෝවිලට ඇතුළු වෙන්න ඕනෑ ඒ විදිහට. ඒකට වෙනම තැනක් කෝවිලට ගොඩවෙන පඩිපෙළ පාමුළ තියෙනවා. 
පඩිපෙළ පාමුළින් පා සෝදා ගන්න 

ඔබේ දෑස් මානයේ විරාජමාන වන අහස්කුස සිඹින ශිව දෙවිඳුන්ගේ මහා පිළිරුව පසු කොට 
කෝවිලට ඇතුළු වෙන්න. 



කෝනේෂ්වරම් කෝවිලට ඇතුළුවන ප්‍රධාන ‍දොරේ උඩින්ම තියෙනවා එක්තරා විශේෂිත මූර්තියක්. ශිව දෙවියන්, පාර්වතී දේවිය සහ අපේ රාවණා රජ්ජුරුවෝ එතැන.. කෝනේශ්වරම් කෝවිලට ඇතුළුවන ප්‍රධාන ‍දොරේ උඩින්ම තියෙනවා එක්තරා විශේෂිත මූර්තියක්. ශිව දෙවියන්, පාර්වතී දේවිය සහ අපේ රාවණා රජ්ජුරුවෝ එතැන.. 

අලුතෙන් තීන්ත ගාන හින්දයි මේ යකඩ පලංචි

 රජ මාලිගාවේ ඉන්න (අද කැලණියේ) රාවණා රජ්ජුරුවන්ගෙ මෑණියන්ට පහසුවෙන් ශිව වන්දනාවෙ යෙදෙන්න ශිව ලිංගයක් ගෙනත් දෙන්න ඕනෑ කියලා එතුමා ගියා ශිව දෙවියන් වැඩ විසූ කෛලාශකූට පර්වතයට. එතනදී රාවණා රජතුමාට දැකගන්න ලැබුණා බ්‍රාහ්මණයෙක්. බ්‍රාහ්මණයෙක් විදියට වෙස් වළාගෙන හිටියේ මහා ශිව දේවතාවුන් වහන්සෙ. උන්වහන්සෙ එතැනදි රාවණා රජ්ජුරුවන්ට කිව්වා කෝනේශ්වරම් කන්දේ ශිව ලිංගයක් තියෙනවා කියලා. ඊටපස්සෙ රාවණා රජ්ජුරුවෝ ගියා අද අද කෝනේශ්වරම් කෝවිල තියෙන තැනට. එතැනදී රාවණයන්ට ශිව දෙවියන් හමුවුණා. රාවණා රජ්ජුරුවෝ ශිව දෙවියන්ට කිව්වා තමන්ට ශිව ලිංගයක් ලබාදෙන්න කියලා. ශිව දෙවියන්ගෙන් ඒකට කිසිම ප්‍රතිචාරයක් නොලැබුණු නිසා රාවණයන් කල්පනා කළා ශිව ලිංගය තියෙන කන්ද කපාගෙන රජ මාලිගාවට අරං යන්න. මහා බලසම්පන්න රාවණා රජ්ජුරුවෝ ඒ වෙනුවෙන් තමන්ගෙ කඩුවෙන් ශිව ලිංගය තිබ්බ තැන ගල කැපුවා. ඒ තමයි අද "රාවණ කැපුම" කියලා හඳුන්වන්නේ.  

පස්සෙ කාලෙක මෙතැනින් පැන දිවි නසාගත් සුදු ජාතික කාන්තාවක් හේතුවෙන් මෙතැන "ලවර්ස්‌ ලීප්" කියලත් හඳුන්වන්න පටං ගත්තා, ඒත් ඒ වගේ අපරාධයකට අදාල නමක් කියනවාට වඩා අපේ උත්තම රාවණා රජ්ජුරුවන්ව සිහිපත් වෙන "රාවණා කැපුම" හෝ "Ravana's Cleft" කියලා අපි මෙතන හඳුන්වමු.


රාවණ කැපුම

රාවණ රජ්ජුරුවෝ මේ කරපු වැඩේට ශිව දෙවියෝ කෝප වුණා. ඊට පස්සෙ ශිව දෙවියෝ එකපාරටම උන්වහන්සේගේ කකුල උස්සලා රාවණගේ හිස මත මෘදු ලෙස තැබුවා. පාර්වතී දේවියත් තමන්ගෙ කකුල උස්සලා රාවණගෙ හිස මත මෘදු ලෙස තැබුවා. ශිව - පාර්වතී යුවළගේ මේ වැඩේ හින්දා රාවණා රජ්ජුරුවන්ට එතැනින් ශිව ලිංගය ගෙනියන්න ලැබුණෙ නෑ. ශිව - පාර්වතී යුවළගේ දිව්‍ය කෝපයට ලක්‌වූ රජු, සමාව අයදිමින්, තම එක්‌ හිසක්‌ කපා වීණාවක්‌ සකස්‌ කර "සාමවේදය" ගායනය සිදුකරලා තියෙනවා. එතැනදී නැවතත් ශිව-පාර්වතී ආශීර්වාදය රාවණට හිමි වුණා.  ඊට පස්සෙ එතැන රාවණා රජ්ජුරුවෝ ශිව ලිංගය තැන්පත් කරලා දැවැන්ත කෝවිලක් හැදුවා.


ශිව දෙවියන් හා පාර්වතී දේවිය රාවණා රජ්ජුරුවන්ගේ හිස මත තම කකුල් තියාගෙන ඉන්න මූර්තියෙන් නිරූපණයවෙන කතාව දැන් දන්නවානෙ. "රාවණා රජ්ජුරුවො හැදුවා නම් මේ කෝවිල ඒ තරමටම පරණ වෙන්න එපායැ" කියල ඔබට ප්‍රශ්නයක් මතු වේවි, කෝවිලේ අලුත් අලුත් ඉදිකිරීම් දැක්කාම ඔබට එහෙම හිතෙන්නෙ නැති එක සාධාරණයි. 

1622 අප්‍රේල් 14 වැනිදා හින්දූන් අලුත් අවුරුදු උදාව සමරන දවසේ හිත් පිත් නැති පෘතුගීසි සෙනෙවියෙකු වූ කොන්ස්ටන්තිනෝ ද ෂා ඇතුළු පෘතුගීසි හමුදාව කෝනේෂ්වරම් කෝවිලත් ඒ අසලම පිහිටා තිබූ මහසෙන් රජතුමා විසින් ක්‍රි.ව. 275දී කරවන ලද ගෝකණ්න විහාරයත් විනාශ කරනු ලැබුවා. 
    

පෘතුගීසි ප්‍රහාරයෙන් පූජනීය ශිව ලිංගය, දේව ප්‍රතිමා රැක ගැනීමට පූජකයන් සැඟවුණා


පෘතුගීසීන් අතින් විනාශ වූ අහස් කුස සිඹින කණු දහසකින් විරාජමාන වූ හෙබි පැරණි තිරුකෝනේස්වරම් දේවාලයේ එක් කැටයම් කණුවක් කෝවිල් භූමියේ කඳුගැටය මුදුනේ අදද දැක ගත හැකියි. 



කණු දහසේ ශිව දෙව් මැදුරේ ඉතිරිවූ එකම කණුව

දැන් අපට දක්නට ලැබෙන කෝවිල 1963දී අලුත්වැඩියා කරලා ඊට පස්සෙ වෙන වෙන අලුත් අංග එකතු වෙච්චි අලුත් කෝවිලක්.  පෞරාණික බව පෙනෙන්නට ඇත්තේ ගොඩනැගිලිවල නොවෙයි, ශිව ලිංගය හා දේව ප්‍රතිමාවලයි. මොන ආක්‍රමණයක් වුණත් මේ පින් බිමේ ගැබ්වුනු ආධ්‍යාත්මික ශක්තිය විනාශ කරන්න ඒ කාටවත් බැරිවෙලා තියෙනවා. 

ඉස්කෝලෙ විද්‍යාව ඉගෙන ගෙන, හැම දේම භෞතික විද්‍යා ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අල්ල ගන්න උත්සහ කරන, හුරු පුරුදු වෙච්චි මේ ලිපිය කියවන අයට මං කියන "ආධ්‍යාත්මික ශක්තිය" වගේ දේවල් විහිලුවක් වේවි. අසැල්වැසි ඉන්දියාවේ රාජ්‍ය නායකයාත් ආධ්‍යාත්මික ගවේශණයේ යෙදෙන කෙනෙක්, ඒ ශක්තිය රාජ්‍ය පාලනයට යොදාගන්න බුද්ධිමත්ව වැඩ කරන නායකයෙක්. තාමත් ඉන්දියාවේ ආධ්‍යාත්මික ශක්තියෙන් වැඩ ගන්න මිනිස්සු ඉන්නවා. ආධ්‍යාත්මික ගවේෂණයෙන් අපේ රටේ මිනිස්සු ඈත් වීමේ දුර්විපාක උදේ හවා ජනමාධ්‍යන්ගෙන් මම නම් දකිනවා..

හ්ම්ම්.. දැන් ඇති විස්තර කිව්වා.. දැන් ඉතින් ආපු කාරණාවට ලැහැස්ති වෙන්න ඕනෑ. 

උදේ 6.30, දවල් 11.30, හවස 4.30 යන වේලාවලට පූද පූජා කටයුතු දවසකට තුන්වරක් පැවැත්වෙනවා. සාමාන්‍යයෙන් සිරිතක් හැටියට දහවල් එකේ සිට හවස තුන දක්වා පූජා කටයුතු සිදු කෙරෙන්නේ නැහැ. ඒත් යන එන බැතිමතුන්ට වැඳුම් පිදුම් කිරීමට ඒකෙන් කිසිම බාධාවක් නැහැ. 

පූජා වට්ටිය කුරුක්කල්තුමන්ලාට භාර දෙන්න කලින් පඬුරු තියන්න එපායැ. පූජා වට්ටිය උඩ සල්ලි කොළ තියලා පඬුරු ඔප්පු කරන සිරිත කෝනේෂ්වරම් කෝවිලේ නැති හින්දා කාර්යාලයට ඔබට කැමති මුදලක් ගෙවලා, ඔබේ බාරහාර වෙන කාරණා සියල්ල ලියපු රිසිට් එකක් ඉල්ලගන්න. ඒ රිසිට් එක පූජා වට්ටිය උඩින්ම තියලා පූජා වට්ටිය කුරුක්කල්තුමෙකුට භාර දෙන්න. ඊටපස්සෙ හිතින් ශිව දෙවියෝ එක්ක සමාධිගත වෙන්න ඔයා ආපු කාරණාව ඉෂ්ඨ සිද්ධ කරලා දෙන්න කියලා. කුරුක්කල්තුමා ඉතුරු කටයුතු ටික බලා ගනීවි. මස් මාළු වගේ පිළී සහිත කෑම කන්නේ නැති, 100%ක් නිර්මාංශ, දෙවියන්ගේ ආවතේව කටයුතු වෙනුවෙන්ම කැපව සිටින සෘෂි පරම්පරාවකින් පැවත එන බ්‍රාහ්මණ කුල කුරුක්කල්තුමන්ලා එක්ක කතා කරලා ඔබේ අවශ්‍යතාව අනුව භාර හාර වෙන දේවල් ගැන කතාබහ කරගන්න.


"ෂන්මුගරත්නම්" ප්‍රධාන කුරුක්කල්තුමා විසින් පහන් පූජා පවත්වමින්

පූජාව අවසානයේ කුරුක්කල්තුමෙක් ඔබ ගෙනාපු පූජා වට්ටි ඔබේ අතටම ආපහු භාර දෙනවා. පොල් ගෙඩියක් එක්ක භාර දීපු පූජාවට්ටි වලට, කුරුක්කල්තුමන්ලා පොල් ගෙඩිය උඩ කපුරු පත්තු කරලා ඔබේ අතට දෙන හින්දා පරෙස්සමට ගන්න ඕනෑ. ඒ පොල්ගෙඩිය අරං ගිහින් කෝවිලෙන් පිටත ඇති පොල් ගහන තැන ගහලා ඔබේ කාරණාව ඉෂ්ඨ වෙන්න ප්‍රාර්ථනා කරන්න. 


"ප්‍රසන්නම්" දෙවැනි කුරුක්කල්තුමා විසින් බැතිමතුන් දෙවියන්ට පූජා කළ පූජා වට්ටි ආපසු ලබා දෙමින්.. 

පොල් ගහන තැන ළඟ තියෙන කෝවිලේ පිටුපස දොරටුව
හරිනෙ.. පොල් ගැහුවනෙ.. පොල් ගහන තැනින් පහලට බහින්න තියෙන ප්‍රදේශයේ රාවණා පිළිරුවක් පිහිටුවලා තියෙනවා. ඒ පැත්තෙ විස්තරයක් කියන්න බෑ, එතැනින් පහලට පැනලා ගෑනු කෙනෙක් මැරුණු හින්දා දැන් එතැන ඉබ්බො දාලා ලොක් කරලා තියෙන්නෙ. කාටවත් යන්න දෙන්නෙ නෑ.. ඒ හරියෙ විස්තර ඉස්සර ගිය කෙනෙක්ගෙන් අහලා දැනගන්න.  පහල ලින්ක් එකෙත් එතැන ෆොටෝ වගයක් තියෙනවා බලන්නකෝ.. (මම ගත්තුවා නෙමෙයි හැබැයි)
http://www.koneswaram.com/trincomalee-koneswaram-gallery/27/thala-virutcha-sivalingam

කෝවිල ඇතුලෙ බිත්තිවල තියෙන රාවණා - කෝනේෂ්වරම් කතා පුවත ඇතුලත් මූර්ති (මම ඉහත සමහර තැන් වල යෙදුවා ), ශිව හා පාර්වතී දේවියගේ විවිධ ස්වාරූප ඇතුලත් චිත්‍ර හා මූර්ති බලන්නත් අමතක කරන්න එපා.

කෝවිල වටේ බිත්තිවලත් දැවැන්ත ශිව - පාර්වතී චිත්‍ර ඇඳලා තියෙනවා.








කෝවිල් බිමේදී ඔයාගෙ නෑදෑ වෙන කෙනෙක් හම්බුනානෙ.. 
එයාගෙ ෆොටෝ එකකුත් ඔන්න පහලින් දැම්මා..




ටිකක් භාවනා කරමුද?
අලුතෙන් සෑදූ ශිව ලිංගයක්, ඉපැරණි විෂ්ණු හා ලක්ෂ්මී මූර්ති දෙකක් (1944දි බ්‍රිතාන්‍යයන් ෆෙඩ්‍රික් කොටුව ළඟ මුහුදෙන් හොයාගෙන තියෙන්නෙ) එක්ක නිස්කලංක බිම් කඩක් කෝනේෂ්වරම් කෝවිලට එකතු වෙලා තියෙනවා. 

අලුතෙන් සෑදූ ශිව ලිංගය

ඉපැරණි විෂ්ණු හා ලක්ෂ්මී මූර්ති 

කෝවිලට ඇතුළුවෙන පඩි පෙළ ළඟ, රාවණා කැපුම ළඟ තියෙන මේ කොටස හදලා තියෙන්නේ භාවනා කරන්න කැමති බැතිමතුන්ට ඉඩකඩක් හදලා දෙන්න. එදා රාවණා රජ්ජුරුවො හා මුණිවරු භාවනා කරපු පින් බිමේ ටිකක් හිත නිවෙන්න භාවනා කරන්න දැන් ඔබටත් පුළුවන්.. 


මේ වීඩියෝව නම් මං ගත්තු එකක් නෙමෙයි, ඒත් මේකත් බලන්නකො.. මේ තියෙන්නෙ මං අර කියපු භාවනා කරන තැන..



තිරුකෝනේෂ්වරම් පුද බිමේ දරුවන් නොමැති බැතිමතුන්ට කරන භාරහාරයන්ගෙන් ප්‍රතිඵල ලැබෙන බව වඩාත් ජනප්‍රියයි. තොටිල්ලක් සාදා භාරයක් ඔප්පු කළ යුතු මෙම කෝවිලේ භාරවීමෙන් දරුවන් ලැබූ මවුවරුන්ගේ භාරහාර දස දහස් ගණනක් දැක ගන්න පුළුවන්.. ග්‍රහ අපළ නිවාරණයට, නිරෝගී සම්පත්තිය, රැකීරක්ෂා බලාපොරොත්තු, රැකී රක්ෂා හා ව්‍යාපාරයන්ගේ දියුණුව ආදිය ගැන බාරහාර වීමුත් මෙහිදී වැඩි වශයෙන් දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම ආධ්‍යාත්මික ගවේෂණයක නියැලෙන්නන්ට, යෝග ධර්ම වඩනා අයට ශිව දෙවිඳුන්ගේ පිහිටාරක්ෂාව නිතැතින්ම හිමිවෙනවා.

ආයෙත් දවසක ඔයාලා ෆන් එකට ට්‍රිප් එකක් ගියොත් ත්‍රිකුණාමලේට, 
මං කියපු දේවල් මතක තියාගෙනම කෝනේෂ්වරම් වැඳපුදාගන්න.

#

ඕම් නමඃ ශිවාය!
තිළිණ සංදීප ජයසිංහ






07 May, 2014

බඩදරු අම්මා ඇයි ඇල්ලෙන් පැන්නේ?

ටිකක් දිග නිධාන කතාව
ස්සාවක් කියන්නෙ මිනිහෙක්ගෙ ජීවිතේ හුස්ම ටික වගේ වටින දෙයක්. (බිස්නස් කරන අයට නම් බිස්නස්) රස්සාව හරි රස්සාව කරන තැන හරි අවුල් නම් ජීවිතේම අවුල් වෙන්න ඒක හේතුවක් වෙනවා. (මගෙ නම් රස්සාව කරන තැන එක්තරා පරාණකාරයෙක් නිසා මං හැම තිස්සෙම බයෙන් සැකෙන් ඉන්නෙ. දන්නෝ දනිති කවුදැයි එයා) 

පොඩි කාලෙ ඉඳලා මං හීන මැවුවෙ ෆුල් ටයිම් එනවුන්සර් කෙනෙක් වෙන්න.. ඒත් රස්සාවට මං ඉරිදා ජාතික පුවත්පතක ව්‍යාපාරික මාධ්‍යවේදියෙක් (Business Journalist). පාට් ටයිම් එනවුන්සින් වැඩ මට අමතර ආදායමක් වගේම මගෙ හීනෙට යාන්තමින් හරි ඇතුල් වෙන්න ලැබෙන පින්සාර අවස්ථාවක්. (ෆුල් ටයිම් එනවුන්සර් කෙනෙක් නොවුනු එක ගැන දැනගන්නම ඕනෙමනම් 071-7090090 මට කෝල් එකක් ගන්න ) සඳුදා ඉඳලා සිකුරාදා වෙනකං ප්‍රෙස් කොන්ෆරන්ස්, මීඩියා බ්‍රීෆින්, බිස්නස් ආටිකල්ස් / නිවුස්, ඇඩ්වටයිසින් සප්ලිමන්ට්ස් ඒ අතරෙ බිස්නස් පේජ් එක. එක එක කොම්පැනිවල එක එක කතන්දර මගෙ කන් වල පිරිලා. සමහර එකම ආයතන ගැන සතියකට සැරයක්, මාසෙකට සැරයක් ලියල ලියලා ඒ ආයතනවල අයිතිකාරයෝ තරමටම ඒවා ගැන මාත් දන්නවා.. හැමෝටම ඕනේ තමන්ගෙ ආයතනේ ගැන / තමන් ගැන ෆොටෝ දාලා ලස්සනට ලියවගෙන පත්තරේ දාගන්න.  ලියන එක මගෙ රස්සාව හින්දා කාටවත් බෑ කියන්න බෑ.. හදවතට එකඟව ලියල දෙන ඒවා අතරෙ එහෙම නැති ඒවත් තියෙනවා. 

මට ඕනෙ වුණා මගෙ එදිනෙදා ඒකාකාරී, නීරස වෙලා තියෙන ජීවිතෙන් එක දවසකටවත් ඈත් වෙලා නිදහසේ ඉන්න. සඳුදා, අලුත් සතියෙ ඔෆිස් එකේ වැඩ පටං ගන්න දවස. මං සඳුදා දවසක්ම තෝරගත්තෙ සතියෙ ඉස්සරහ ඉතුරු දවස් ටිකට පොඩි ගැම්මක් ගන්නත් එක්ක.. මේ කතාව ලියැවෙන්නේ ඒ පසුබිමේදි. ඉරිදා හිතුණා සඳුදා වැඩට යන්න බෑ කියලා. යන්න තැනක් හොය හොයා රෑ Google එකෙ රස්තියාදු ගහලා ගහලා වෙලාව සඳුදා පාන්දර 2.00ත් වුණා.  තැනක් හම්බුණා. මේ කතාවේ "නිධාන කතාව" හැදුනෙ ඔන්න ඔහොමයි. "නිධාන කතාව" ටිකක් දිග වුණා :-) පත්තර පිටු අතර අපේ වචන වලට සීමා තිබ්බට මේකෙ එහෙම නැති හින්දා වෙන්න ඇති.. නේද??? 

අත්තනගල්ලෙන් දුර වුණත්..
සඳුදා උදේ 9.15ට විතර වැඩට යන ලීලාවෙන්ම ඇඳගෙන වැඩට යන්න ගෙදරින් දුන්න බත් එකත් අරන් මං පාරට බැස්සා. බයික් එකේ රිසව් ලෙවල් :-) ගම්පහ වතුරමල හංදියෙ ෂෙඩ් එකෙන් 500ක තෙල් ගැහුවා. යක්කල සිද්ධායුර්වේදෙන් කිතුල් පිටි කැඳ එකක් ගහලා, යක්කල හතර දේවාලෙත් වැඳගෙන අත්තනගල්ලෙ රජමහා විහාරෙ තොරණ හංදියෙන් ගලපිටමඩ පාරේ දුර ගියේ පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි මගේ පත්තර මුල්ගුරුතුමන්ගේ ගුරු ඇසුර හා අත්තනගල්ලේ ජනමාධ්‍ය පංතියේ සොඳුරු අතීත සිහිවටන ඇස් ඉදිරියේ චිත්‍රපටියක් වගේ මැවි මැවි පේන අතරෙ. මම යන්න බලාපොරොත්තු වෙන තැනට පස්යාල පැත්තෙන් ගියාම මීට වඩා ළඟ වුණත් මට අත්තනගල්ල හරහාම එන්න ඕනෙ වුනේ මගේ ඒ පරණ සුන්දර අතීතෙ ආයෙ ආයෙ කිමිදෙන්න ඕනෙ හින්දයි. අත්තනගල්ල - ගලපිටමඩ පාරෙ ආපු වාසිය වුණේ මගදි හම්බුණු "අලවල" ගම්මානේ අලවල පොත්ගුල් ලෙන රජමහා විහාරය ළඟ ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් හිටපු ගල් ගුහා  විස්තර දැනකියා ගන්නත්  ලැබුනු හින්දා. අලවල ගම්මානෙ පාස් කරලා ගලපිටමඩ හරහා දුනුමාල හන්දියටත් ආවා ඔන්න කතාවෙන් කතාව.    

ඇයි මං "දුනුමාල" ගමට ආවේ?
ආදරණීය පාඨක ඔබ තමුන්නාන්සේලාට ඉහත ප්‍රශ්නෙ මේ වෙනකොටත් මතු වෙලා ඇති. ඕං ඒකටත් උත්තර බැඳලා ඉන්නම්කො.. මේ ගමේ තියෙනවා ලස්සන, පුංචි දිය ඇල්ලක්.. ඒ දිය ඇල්ල එක්ක බැඳුණු සොබා සොඳුරු සිරියෙ පැයක් දෙකක් තනිවෙලා ජීවිතේ මහන්සිය නිවාගන්න හිතුණා. ඇල්ල දැන් ළඟයි කියලා ජීවිතේ මහන්සිය ටික නිවෙන්න පටන් අරං තිබ්බ එක කෙසේ වෙතත් ගම්පහ ඉඳලා දුනුමාලට ආපු ගමන් මහන්සිය නම් මට දුනුමාලෙ හන්දියෙදි දැනුණා.


"දුනුමාල" ගමේ නම හැදුනු හැටි
දුනුමාල හන්දියෙන් හැරිලා ඇල්ල ළඟට කිලෝමීටර් 2ක් විතර යන්න ඕනෙ විතරක් නෙමෙයි බයික් එක නවත්තලා තව මීටර් 200ක් විතර පුංචි අඩිපාරක් දිගේ යන්නත් ඕනෑ කියලා ත්‍රී වීල් අයියා කෙනෙක් කිවා. දුනුමාල හන්දියෙන් ඇල්ල ළඟට යන පාර සවුත්තුයි. ඇල්ල ළඟට යනකන් මං කියන්නම් දුනුමාල ගමට නම ලැබිච්චි හැටි. සූර්ය බණ්ඩාර කියලා ප්‍රාදේශීය රජෙක් මේ පැත්ත පාලනය කරපු කාලේ තවත් ප්‍රාදේශීය රජ කෙනෙක් එක්ක එතුමාට යුද්ධ කරන්න සිද්ධ වෙලා තියෙනවා. සූර්ය බණ්ඩාර රජ්ජුරුවො තමන්ගෙ ආදරණීය බිසෝවරුන් හත්දෙනාව ගල් ගුහාවක පරිස්සමට හංගලා ආරක්ෂාව යොදවලා යුද්දෙන් රජ්ජුරුවො දිනුවොත් ඈත පේන කන්ද මුදුනේ "සුදු කොඩියක්" උස්සන බවත් පැරදුනොත් "රතු කොඩියක්" උස්සන බවත් කියලා යන්න ගියා. කොහොමෙන් කොහොම හරි රජ්ජුරුවො යුද්දෙ දින්නා.. කට්ටිය ජොලියක් දාලා ජයපැන් ෂොට් එකක් ගහන අතරෙ රජ්ජුරුවො තමන්ගෙ අතවැසියෙකුට කිව්වා දිනපු කතාව ගිහින් බිසෝවරුන්ට කියාපන් කියලා. යුධ ජයග්‍රහණයෙන් උදම් වෙලා හිටපු මිනිහා බිසෝවරුන්ට පණිවුඩේ දෙන්න යන අතරෙ බයිට් එකට ඌරුමස් කකා සෙට් එකක් ගහේ බඩු ගහනවා දැක්කා. යුධ ජයග්‍රහණය සමරලාම බිසෝලගෙ පණිවුඩේ දෙන්නම් කියලා මිනිහත් එතනටම සෙට් වුණා. පැයවලින් නෙමෙයි ඕං හෝරා වලින් හෝරා කීපයක් ගතවුණා. රජ්ජුරුවොත් දැන් මීගමු අලුවා කපන ගානට බඹර පදම් කට් වෙලා. අතවැසියා දැන් මේ වෙනකොට ගිහින් විස්තරේ කියලා ආපහු එනවත් ඇති කියලා රජ්ජුරුවො ගිහින් සූර්පිට රතු කොඩිය ඉස්සුවා බිසෝලාට පොඩි විහිලුවක් කරන්නම් කියලා. කරුමෙ කියන්නෙ ඒ වෙනකොටත් අර කාලකන්නියා ගහේ බඩු ගහනවා. "රතු කොඩිය" දැක්ක බිසෝලා අඬා වැළපිලා මැරෙන්නම කියලා හිතාගෙන කන්දකින් පහළට පැන්නා. ඒ පැන්න කන්ද අවට ප්‍රදේශය අද "දේවීන්පැන්නැල්ල" කියලා ලස්සන පුංචි ගම්මානයක් වෙලා. ඒ කතාව හින්දම සමහරු අපි මේ  බලන්න යන දිය ඇල්ල "අලවල දේවීන් පැන්න ඇල්ල" කියලාත් හඳුන්වනවා. කන්දෙන් පැනපු බිසෝලා හත්දෙනාගෙන් එකම එක බිසවක් කන්දේ වැල් ගාලක පැටලිලා බේරුණා. ගම්මු එකතු වෙලා බිසව බේර ගත්තට පස්සෙ ගමේ ප්‍රධානියා බිසවට සාත්තු සප්පායම් කරලා තියෙනවා. ගැබිණියක් වෙලා හිටපු බිසව පුත් කුමරෙක් බිහි කළා. රජතුමා මේ ආරංචියට දරුවා ප්‍රසූත කරපු තැනදී අර ගම් ප්‍රධානියාට තමන්ගෙ බෙල්ලෙ තිබ්බ වටිනා මාලෙ ගලවලා දීපු ප්‍රදේශය "දුන්නු මාලේ" හෙවත් "දුනුමාලේ" විදිහට කට වහරට ආපු බව ගම්මු කියනවා. මැරුණු බිසෝවරු "දුනුමාල බිසෝ බණ්ඩාර දෙවිවරුන්" විදිහට තුන් කෝරළය, හතර කෝරළයේ හා සියනෑ කෝරලේ සමහර ප්‍රදේශ ආරක්ෂා කරන බවට ගම්මු විශ්වාස කරනවා. අණ විණ හදි හූනියම්, ලෙඩදුක් කරදර වලට "දුනුමාල බිසෝ බණ්ඩාර දෙවිවරුන්"ට බාරහාර වුණාම ඉක්මන් පිහිට ලැබෙනවාලු. වගේම අස්වනු කපා ගෙට ගෙන ප්‍රයෝජනයට ගන්න කලින් "දුනුමාල බිසෝ බණ්ඩාර දෙවිවරුන්"ට පූජාව තියනත් ගම්මු බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. 
 

මෙන්න ඇල්ල

මෙන්න ඇල්ලෙ විස්තරේ
මේ දිය ඇල්ල දුනුමාල ඇල්ල, අලවල ඇල්ල, දේවින් පැන්න ඇල්ල, උඩුවක ඇල්ල යනාදී නම් කිහිපයකින්ම හඳුන්වනවා. ගම්පහ දිස්ත්‍රික්කයටම තියෙන දිය ඇලි දෙකෙන් උසම දිය ඇල්ල තමයි මේ දිය ඇල්ල. ගල් තලා තුනකින් බිමට ඇද හැලෙන මේ දිය ඇල්ලේ සම්පූර්ණ උස අඩි 40ක් විතර වෙනවා. ඇල්ල පාමුල තියෙන පුංචි ගල් වල අඩි 4 - 5ක් විතර ගැඹුරක් තියෙන හින්දා ඒ තරමට වඩා ටිකක් උස ඕනෙම කෙනෙකුට පරිස්සමට නා ගන්න පුළුවන්. (වතුරෙ තියෙන ගල් වල දිය සෙවෙළ තියෙනවා කියලා අමුතුවෙන් ලියන්න ඕනෙ නෑනෙ.)

සාමාන්‍යයෙන් දිය ඇල්ලක ලස්සන බලන්න වෙන්නෙ බිම ඉඳගෙන. දුනුමාල දිය ඇල්ලේ ඉහළට හරිම ලේසියෙන් නගින්න පුළුවන් හැබැයි පරිස්සමට. ඉහළ ඉඳලා පහළ බලන්නත් පුළුවන්, පහළ ඉඳලා ඉහළ බලන්නත් පුළුවන් අපූරු දිය ඇල්ලේ උඩට නගින්නම කියලා මගෙ හිත කිව්වා. 


ඇල්ල ලඟ සමාධිය
මං දිය ඇල්ලේ උඩට යන්න හදද්දි ගමේ කොල්ලෙක් දුවගෙන ආවා. ඒ පැත්තට දිගටම වැස්සලු. උඩ ලිස්සනව තනියම යන්න එපා කියලා මිනිහ මට අනතුරු ඇඟෙව්වා. මිනිහා ඒ ගමේමලු. ඇල්ල ගැනයි ගම ගැනයි මට මිනිහා ගොඩාක් විස්තර මං මිනිහගෙන් දැනගත්තා. මිනිහ හිටියෙ තනියම නෙමෙයි. තව 10-15ක සෙට් එකක් එක්ක. කට්ටිය ඇල්ල පල්ලෙහා බිබී හිටියෙ. ඒ සෙට් එක මිනිහගෙ කොළඹ යාළුවො ලු. මම තනියම ආවෙ ඇයි කියලා මිනිහා මගෙන් වටින් ගොඩින් ප්‍රශ්න කළා. මම මීඩියා එකකින්ද කියලා දෙතුන් පාරක්ම ඇහුවා. (නැතුවයැ ඉතින්, මිනිහ මට ඇල්ල ගැන පොඩි ඉන්ට්‍රඩක්ෂන් එකක් දීගෙන යද්දි පත්තරේ පුරුද්දට මාත් හාර හාර ප්‍රශ්න ඇහුවනෙ.) මීඩියා හරි හමීඩියා හරි ඌට වැඩක් නෑනෙ යකෝ ඇල්ල උගෙ බූදලයක්ද? මං ඉතින් ඒක මිනිහට කියන්න ගියෙ නෑ, මං මගෙ එනවුන්සින් කාඩ් එකක් මිනිහට දුන්නා, "මීඩියා නම් නෙමෙයි අයියෙ, මං පොඩි බිස්නස් එකක් කරන්නෙ. එනවුන්සින්, ඇඩ්වටයිසින්. ඇඩ් එකකට මෙතන නම් පට්ට අයියෙ"  මං වැඩි හොඳට මිනිහට එනවුන්සින් කාඩ් එකකුත් දුන්නා. මිනිහ පොඩි හිනාවක් දාලා මිසින් වුණා. මිනිහ ගියාට පස්සෙ මං දෙයියනේ කියලා නා ගත්තා. නාලා ගොඩ ඇවිත් කොහිල දළු මාලුවයි, පරිප්පුයි, මැල්ලුමුයි තිබ්බ ගෙදර බත් එක කන්න පටං ගත්තා දිය ඇල්ල දිහා බලාගෙන දිය ඇල්ලෙ හිරිපොද ඇඟට වැටෙන තරම් ළඟින් තිබ්බ පොඩි තැඹිලි ගහක් යටට වෙලා. ටිකෙන් ටික පොද වැටෙන්න ගත්තා මං හෙල්මට් එකයි රේන් කෝට් එකයි දාලා කුඩේ ඉහළ ගත්තා. කුඩේ යට වැස්සෙම බත් එක කෑවා. පොද වැස්ස මහ වැස්සක් වුණා. දිය ඇල්ලෙ වතුර බලාගෙන ඉද්දි වැඩි වුණා. කිරිසුදු පාටට තිබ්බ වතුර මඩ පාට වුණා. මම බලාගෙන හිටියා දිය ඇල්ල දිහා. කොච්චර වෙලා හිටියද කියලා මට මතක නෑ.. මම වශී වෙලා ඒ ලස්සනට.. ඇල්ලේ හැංගුනු ගුප්ත බවක් දැනුනා.. දාලා යන්නවත්, අහක බලන්නවත් මට හිත දුන්නෙ නෑ.. මං ඇල්ල දිහා බලාගෙනම හිටියා.  භාවනාවක් වගේ.. ඇල්ල ගැනම විතරක් හිත යොමු කරන්.. 

ඇල්ල "ඇඬෙන ඇඩ්වෙන්චර්"
මගේ අමුතු හැසිරීම දිහා අර ඩෝප් යාළුවො ගොඩාක් වෙලා බලං ඉන්න ඇති කියල මට හිතුනෙ එකෙක් යටිගිරියෙන් කෑගහන සද්දෙට මගෙ දැහැන බිඳුනාම. වැස්ස ටිකක් පෑව්වා. කට්ටිය තාම බොනවා. මම යන්න පිටත් වුණා. බයික් එක ළඟට ආවාම ආයෙ වැස්ස වැඩි කළා. මං ඒ ළඟම තිබ්බ වහලා දාපු පොල් අතු කඩේට රිංගුවා. පැය බාගෙකට විතර පස්සෙ ඩෝප් සෙට් එක උන්ගෙ වෑන් එකට ආවා. එකෙක් මගෙ බයික් එක ළඟට ගිහින් නම්බර් ප්ලේට් එක බලන්න වගේ පාත් වුණා. උන් ඔක්කොම මං දිහා බලනව. මහත බඩ තියෙන වයසක පොරක් මට පහළට කතා කළා. මං එසැණින් ඌ ළඟට ගියා. කොල්ලො ටික මාව වට කරගත්තා. උන්ගෙ මූණුවල ප්‍රශ්නාර්ථයක්???? එදා තමයි මට පළවෙනි වතාවට මගෙ ජීවිතේ ගැන බයක් දැනුනෙ. මැයි 05 සඳුදා. "ඇයි උඹ ෆොටෝ ගත්තෙ?", "පෙන්නපං ෆොටෝ", "උඹ අපි ගැන මීඩියා වලට දෙන්නද යන්නෙ කැ....යෝ" සද්ද ගොඩායි.. මට කතා කරපු වයසක එකා මාව ඇදලා ගත්තා වෙන පැත්තකට. "හරි හරි උඹලා හිටපල්ලා. බලමු මූ මොකාටද එන්නෙ කියලා" ඒ අංකල්ගෙ සද්දෙ. කලින් එකාට කියපු සින්දුවම ඌටත් කියලා මං කාඩ් එකකුත් දුන්නා. ගත්තු ෆොටෝ, වීඩියෝ ටික පෙන්නුවා. උන් දිය ඇල්ල උඩ නනා හිටපු එක ඩිලීට් කරන්න මට අණ ලැබුනා, මං එහෙම කළා. වයසක එකා මගෙන් ඇහුවා " තෝ මීඩියාත් නෙමෙයි නම් තනියම දිය ඇල්ලක් ළඟට ආවෙ පැනලා මැරෙන්නද හු.........??? ඇත්ත කියපන්" ඌ මගෙ අත තද කරගත්තා. ගණ දෙවි නුවණ පහළ වුණා. "අනේ අයියෙ මැරෙන්න නෙමෙයි ආවෙ, කෙල්ල එක්ක එන්න හිටිය ගමන මේ ඇල්ල බලන්න. ඒකි ආවෙ නෑ. මං ඔරොප්පුවට තනියම ආවා." ඉනික්බිතිව මා මගේ පැරණි බිඳුණු පෙම් පුවත නම් ගම් වෙනස් කරමින් අකුරක් නෑර නොවලහා එම කතාව හා ගළපමින් ඔහුට පැවසීමි. මිනිසත් බවින් පිරිපුන් ඒ පිරිපුන් සිරුරැති වයස්ගත වූ මානවයා මා තදින් වැළඳගත්තේය.  ඔහු මුවින් සැර මත්පැන් ගඳක් වහනය වුවද ඔහුගේ කුළුණුබර වදන් තුළින් එකී ගඳ මැකිණි. "අඩෝ පිස්සා.. පිස්සුද යකෝ උඹට.. කෙල්ලො ඔහොම තමයි.. ඔක්කොම අමතක වෙලා යන්නත් එක්ක වරෙන් ගහමු අඩියක්!" මා ඔහුගේ කාරුණික ඇරයුම කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ගෙන් සමු ගත්තෙමි.. නොනවත්වාම ඇදහැළුණු වර්ෂාව මධ්‍යයේ වුවද දුනුමාල හන්දියත් ගලපිටමඩ මඩ පිරුණු මංමාවත්ද පසු කරමින් නිට්ටඹුවත් පසු කොට ගම්පහට ආ මගේ සවන් පියන්පත් තුළ රැව් දෙන්නේ ඒ හැඩිදැඩි මිනිසාගේ වදනකි. "මල්ලී, මේපාර අපේ තර්ටි ෆස්ට් නයිට් ශෝ එකේ එනවුන්සර් උඹ. අපි කෝල් එකක් දෙන්නම්. පරිස්සමින් පලයන්!"

චාරිකා සටහන: තිළිණ සංදීප ජයසිංහ 

28 March, 2014

සනී ලියොන්ට මාත් ආදරෙයි!

ලංකාවෙ එවුන් එපා වෙච්චි මං දැන් ටික කාලෙක ඉඳලා ජාත්‍යන්තර සබඳතා අරඹා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ තහවුරු කරගත හැකි බවට වාර්තා වෙනවා. "සිය රට දේ සිරි සැප දේ" තේමාව ගරු කරන මා වැන්නෙක් එවැන්නක් හරහා රට පැනීමට හෝ රට, දැය, සමය පාවා දීම කෙරෙහි කිසිසේත්ම තැත් නොකරන බැව් විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා. තමාට තමා විසින්ම පමණක් සිදුකරගත හැකි ශරීර කෘත්‍යයන් දෙකම හිඳගෙනම පමණක් සිදුකරන මාදිලියේ අය සමඟ එකී ජාත්‍යන්තර සබඳතා වැඩිදුරටත් පවතින බැව් ඉහත කී වාර්තාවන්ගේ වැඩිදුරටත් සඳහන්.

එහෙම දන්න දන්න ඉංගිරිසි කෑලි පූට්ටු කරලා සිත් සේ එහෙත් "වැදගත් සේ" කතා බස් දොඩන අස්සෙ අහම්බෙන් සෙට් වුණා ඉන්දියාවෙ සීක් ජාතික මිත්‍රයෙක්. මිනිහගෙ නම "සංදීප්", මගේ නමේ කෑල්ලකට සමානයි. ඒ හින්දද මන්දා මිනිහා මාත් එක්ක පට්ටෙට සෙට් වුණා. මිනිහා මරු ඩයල් එක.. හින්දි ෆිල්ම් වල ඉන්න සීක් ජාතිකයො වගේම ජොලි, ගොඩාක් මිත්‍රශීලී එළ කොල්ලෙක්! (මිනිහ සමහර හින්දි ෆිල්ම් වලට බනිනවා උන්ගෙ ජාතිය ගැන වැරදි චිත්‍රයක් ලෝකෙට මවා පානව කියලා. උන් හැබෑවටම ජොලි ජාතියක් උණාට නිවට නැති, බොහොම නිර්භීත, මස් මාලු නොකන ආගමට නැඹුරු වැදගත් ජාතියක්ලු. ඒ කතාව නම් ඇත්ත. ඉන්ටර්නෙට් එකෙ උන් ගැන හොයලා බැලුවත් ඒක තහවුරු කරගන්න පුළුවන්.) බන්ග්‍රා සිංදු, පන්ජාබ් ඇඳුම්, කෑම බීම ගැන කතා කර කර ඉඳලා අපි වැදගත්ම මාතෘකාවකට ආවා. “පංජාබ් කෙල්ලො” ගුණ දහම් එක්ක හොඳට හැදුනු අයලු. හරි අහිංසකයි, වැදගත් ලු. බටහිර සංස්කෘතිය නිසා දැන් දැන් කෙල්ලො සංකර වේගන යනවා කියලා ඌ දුක් වෙනවා. (මං ඉතින් කට ...ක වහගෙන හිටියා අනේ අපේ එවුන් ඊට හපන් නෙ නේද අනේ) මං නිකමට මිනිහගෙන් ඇහුවා සනී ලියොන් ගැන. (සනී ලියොන්ට පන්ජාබ් සම්භවයක් තියෙනව කියනවානෙ) ඌට ඒකට මළම පැන්නා. ඌ බනිනව එකසිය ගාණට ඒකිට. උන්ගෙ ජාතියට, ඉන්දියාවට අයිතිවාසිකම් කියන්න එන, අපහාස කරන පජාති බැල්ලියෙක් ලු ඒකි. (ඌ ඉංග්‍රීසියෙන් බැනපුවා මං කෙටියෙන් අනුවර්තනය කළා ඕං) සනී ලියොන් ගැන ඒ කතාවෙදි ඇදිලා ආපු හින්දා මං ඒ ගැන මේ පාර ලියන්ඩ කල්පනා කළා. ගූගල් එකේ නම ගැහුවා විතරයි පට්ට පට පට.. (ලියන්ඩ කලින් අත්දැකීම් එක්කහු කරගන්නඩ එපායැ. හැබැයි හම්බුනු ෂෝයි වීඩියෝ එහෙම නම් බැලුවෙ නෑ ඕං )

පහුගිය මාර්තු 21 වෙනිදා ලොව පුරා තිරගත ආරම්භ වුණු Ragini MMS2 එක්ක සනී අක්කියා ගැන හැම තැනම කතා ඇහෙනවා. ("සනී අක්කියා" ඔව්.. "අක්කියා" තමයි.. එයා 1981 මැයි 13,  මං 1987 ඔක්තෝබර් 29.. ඉතින් අක්කියා තමයි නෙ.. "අක්කා" කියනවට වඩා "අක්කියා" කිවාම ආදරණීය බවක් දැනෙන හින්දයි මං සනී ලියොන් ට "අක්කියා" කියන්නෙ.. මෙතැන් සිට මං සනී ලියොන් නොකියා "සනී අක්කියා" යැයි කියමි.)

චූටි කාලේ
සනී අක්කියාගෙ උපන් නම "කරන්ජිත් කෝර් වොහ්රා" (Karenjit Kaur Vohra). සනී අක්කියගෙ තාත්තා පංජාබයේ චන්දිගාර් ප්‍රදේශයේත්, අම්මා පංජාබයේ හිමාචල් ප්‍රදේශයේත් ජීවත් වෙච්චි අය. ජෝඩුව පස්සෙ කැනඩාවෙ පදිංචියට ගිහින්. කැනඩාවේ ඔන්ටාරියෝ නගරයේදි තමයි මේ පිංවත් කුමරිය ජන්ම ලාභය ලබලා තියෙන්නෙ. අම්මයි තාත්තයි පන්ජාබ්,  හින්දද කොහෙද මගේ සීක් ජාතික මිත්‍රයා සනී අක්කියාට "පජාති" කියන්න ඇත්තෙ. සනී අක්කියාගෙ උපන් නම "කරන්ජිත් කෝර් වොහ්රා". සනී අක්කියගෙ තාත්තා පංජාබයේ චන්දිගාර් ප්‍රදේශයේත්, අම්මා පංජාබයේ හිමාචල් ප්‍රදේශයේත් ජීවත් වෙච්චි අය. ජෝඩුව පස්සෙ කැනඩාවෙ පදිංචියට ගිහින්. කැනඩාවේ ඔන්ටාරියෝ නගරයේදි තමයි මේ පිංවත් කුමරිය ජන්ම ලාභය ලබලා තියෙන්නෙ. අම්මයි තාත්තයි පන්ජාබ් හින්දයි සනී අක්කියා හැමතිස්සෙම එයා ඉන්දියාවෙ කිය කියා කියන එකයි හින්දාද කොහෙද මගේ සීක් ජාතික මිත්‍රයා සනී අක්කියාට "පජාති" කියන්න ඇත්තෙ. සනී අක්කියා ඉගෙන ගත්තෙ කතෝලික ඉස්කෝලෙක.. හිච්චි කෙල්ල කාලෙ ඉඳලා සනී අක්කියාට තිබිලා තියෙන්නෙ එසේ මෙසේ දාංගලයක් නම් නෙමෙයි.. ක්‍රීඩාශීලී සනී අක්කියා වැඩිපුරම ආසාව තිබ්බෙ බාස්කට් බෝල් ගහන්න.. පොඩි කාලෙ සෙල්ලම් කරද්දි වැඩිපුරම කොල්ලො එක්කලු සෙල්ලම් කරලා තියෙන්නෙ. කොටින්ම කිව්වොත් වැඩිය කෙල්ලො එක්ක ඇයි හොඳැයියක් තියා ගන්න කැමති වෙලා නැහැ සනී අක්කියා..

සෙක්සි සනී අක්කියා
සනී අක්කියා චූටි කාලෙ ඉඳලම පට්ට ලස්සනයි.. ලස්සන සනී අක්කියා "සෙක්සි" වුණේ ධෛවයෝගයකින් වෙන්න ඇති.. සනී අක්කියාම කියන විදිහට එයාට "පළමු හාදුව" ලැබුනෙ වයස අවුරුදු 11දී ලු.. වයස අවුරුදු 16දී බාස්කට් බෝල් ක්රීඩකයෙකුගේ අනුග්රහයෙන් කන්යාභාවයෙන් ස්ත්රීභාවයට පියවර තැබූ වයස අවුරුදු 18දී ස්ත්රී පුරුෂ දෙපාර්ශ්වය හා සමඟම රති කෙළියේ යෙදීම ප්රිය කළාය. (Bisexual බොලවු Bisexual)  ඇත්තටම සනී අක්කියා පට්ට ලස්සනයි වගේම පට්ට සෙක්සි.. මුළු ලෝකෙම කොල්ලො අක්කියගෙ සෙක්සි ලස්සනට පිස්සු වැටිලා. Google සර්ච් වල හොයපු Star චරිත අතර Porn Star සනී අක්කියා ඉස්සරහින්ම ඉන්නවා. වීඩියෝ වලින් ෆොටෝ වලින් දැකලා කට්ටිය එච්චර පිස්සු වැටිලා නම් හැබෑවටම හම්බුනොත් නම් බඩුම තමා. සනී අක්කියගෙ උස අඩි 5 අඟල් 4යි. මේ වෙනකොට අක්කියගෙ බර කිලෝ 54ක් වෙනවා. ඉඟ සුඟ ගත හැක මිටින කියනවා වගේ සනී අක්කියගෙ ඉඟ 25" ක් වගේම උකුල් ප්‍රදේශය 36" කියලා වාර්තා වෙනවා. බ්‍රා සයිස් එක 34 කියලාත් වාර්තා වෙනවා. “මගේ සිරුරේ ආකර්ෂණීයම අංගය මගේ මුහුණ.” කියලා සනී අක්කියා පත්තරේකට ඉන්ටර්වීව් එකක් දීල තිබ්බා. ඔයාලා හිතන විදිහට සනී අක්කියගෙ සිරුරේ ආකර්ෂණීයම අංගය මොකක්ද? :-D හින්දි චිත්රපටි වල සනී අක්කියගෙ අඩ නිරුවත්, සරාගී රංගනයන්ගේ තිබුණු Art එක, සනී අක්කියා රඟපාපු XXX ෆිල්ම් වල සීන්වලට වලට වඩා මට පට්ටෙට දැනෙනවා. ඔයාලට දැනෙන්නෙ කොහොමද

සනී අක්කියගෙ රස්සා විස්තරේ
කොහොමෙන් කොහොම හරි සනී අක්කිය හැබැයි හොඳට ඉගෙන ගත්තා..  සනී අක්කියා 1999 අවුරුද්දෙ උපාධිධාරිණියක් වුණා. සෙක්සි සනී අක්කා ඉස්සෙල්ලාම බේකරියක වැඩ කලා. සනී අක්කියා Accounting වලට දක්ෂ හින්දා Accounting පැත්තෙ රස්සාවක් කළා ඊට පස්සේ. ඊටත් පස්සෙ සනී අක්කාට නර්ස් කෙනෙක් වෙන්න ආසා හිතිලා ඉගෙනගන්න කාලෙ සරාගී නැටුම් ශිල්පිණියක් විදිහට වැඩකරපු යෙහෙලියකගෙ දැන හැඳුනුම්කමක් හින්දා ජෝන් ස්ටීවන්ස් නමැති නිරූපණ ශිල්පීන් සපයන තැරැව්කාරයෙක්ව අඳුර ගත්ත. ස්ටීවන් අයියා මේ ලස්සන ෂෝයි අක්කියාව මුලු ලෝකෙම කොල්ලො කට ඇරගෙන කියවන පිරිමි මැගසින් එකක් වෙන "පෙන්ට් හවුස්" සඟරාවෙ ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට සෙට් කලා. (ඒ අතරේ අක්කිය මොනවද කරගත්තෙ කියල මගෙන් අහන්න එපා) පෙන්ට් හවුස් සඟරාවේ ලොක්කෙක් කියලා තමයි අක්කියාගෙ නම "සනී ලියොන්" කියලා වෙනස් කරගන්න උපදෙස් දීල තියෙන්නෙ. පෙන්ට් හවුස් සඟරාවේ පළවෙච්චි සනී අක්කියගෙ සරාගී ඡායාරූපත් එක්ක කෙටි කාලයක් ඇතුලත 18+ නිරූපිකාවක් විදිහට ජනප්‍රිය වෙන්න වාසනාව උදා වුණා. 2001 අවුරුද්දෙ ඉඳලා නිරූපිකාවක් විදිහට කැනඩාවේ සනී අක්කියා සෑහෙන්න ජනප්‍රිය වුණා. Accounting කරලා මොළෙන් හම්බ කරන එකයි නර්ස් කෙනෙක් වෙලා ලෙඩ්ඩුන්ට සාත්තු සප්පායම් කරලා ඇඟ වෙහෙසලා හම්බ කරන එකයි අත ඇරලා දාලා සනී අක්කි ඇඟ පෙන්නන එක රස්සාව කරගත්තා.

සම්මානනීය සනී අක්කියා
ත්‍රිබල් දන්නවනෙ.. නේද.. XXX (බ්ලූ) අපි හුඟ දෙනෙක් වගේම සනී අක්කියත් ඒ ජාතියෙ Film එකක්  බලන්න චූටි කෙල්ල කාලෙ ඉඳලා පුරුදු වෙලා හිටියා කියලා එයාම කියනවා. වයස අවුරුදු 19දි විතර යෙහෙළියක් එක්ක ඒ ජාතියෙ Film එකක් බලලා ඒ අත්දැකීම් ගැන විද්වත් සංවාදයකට එළෙඹුණාලු. කොටින්ම කිව්වොත් XXX Film Industry එක ගැන සනී අක්කියා චූටි කාලෙ ඉඳලා පිස්සු වැටිලා හිටියේ.. 18+ නිරූපිකාවක් විදිහට ජනප්‍රිය වෙන සනී අක්කියා XXX Film වල රඟපාන්නත් ආවා. නිරූපිකාවක් විදිහට ඇඟ පෙන්නලා හම්බ කර කර ඉන්න වෙලාවෙ සනී අක්කට ඒ ඇඟෙන්ම හම්බකරගන්න තවත් පොටක් පෑදුනා. ඊට පස්සෙ සනී අක්කියා එයාට තවත් නැති වෙන්න දේකුත් නැති එකේ නිල් සිනමාවට එකතු වුණා. ඊට පස්සෙ කෙටි කාලෙකින්ම සනී අක්කියා සම්මානනීය නිල් සිනමා නිලි රැජිණක් බවට පත්වුණා. Web Babe of the Year, Best All-Girl Group Sex Scene, Web Starlet of the Year, Favorite Breasts, Porn Star Site of the Year, Crossover Star of the Year අපේ සනී අක්කියා දිනා ගත්තු සම්මාන කීපයක්..

සනී අක්කියාගෙ හස්බන්ඩ් අයියා
නිල් සිනමාවේ සම්මානනීය දෝණි නටන නාඩගම් දිහා දෙමවුපියෝ බොහොම හිත් වේදනාවෙන් බලං හිටියෙ.. ඒත් සනී අක්කියට දෙන්නා විරුද්ධ වෙන්න ආවෙ නැහැල්ලු.. (මම නෙමෙයි සනී අක්කියා කියන්නෙ ) කවදා නම් මේකි කසාදයක් බඳීද දෙයියනේ කියලා දෙන්නා දෙමහල්ලො බලං ඉන්නකොට මෙන්න බොලේ සනී අක්කියා රස්සාවෙන්ම පරස්තාවත් හොයා ගත්තා. සනී අක්කියා කාලෙන් කාලෙට ප්රසිද්ධියෙ ගෑණුයි පිරිමියි 10 දෙනෙක් එක්ක ජීවත් වෙලා අන්තිමට ටක්කෙට හරියන කෙනා විදිහට 11වැනියාව තෝරගත්තා. සනී අක්කියා රස්සාවෙන්ම හොයාගත්තු අයියගෙ නම “ඩැනියෙල් වෙබර්”. ඩැනියෙල් අයියා ජනප්‍රිය සංගීත ශිල්පියෙක්, නලුවෙක් වගේම චිත්‍රපටි නිෂ්පාදකයෙක්. ඩැනියෙල් අයියා එක්ක සනී අක්කියා හොඳ පවුල් ජීවිතයක් ගතකරනවා කියලා සනී අක්කියා පත්තරේකට ඉන්ටර්වීව් එකක් දීල තිබ්බා. ඒක මම පහලින් දැම්මා ඕං..

 “පළමු වතාවට ඡායාරූපයකට නිරුවත් වීමේදී ටිකක් විතර මං කම්පනයට පත් වුණා. පළවෙනි නිල් චිත්‍රපටියෙ රඟපානකොට හිතුනෙ ඒක බිස්නස් එකක්ම විතරයි කියලා.  පළැමු වතාවට මම එහෙම රඟපෑවේ මගේ පෙම්වතා සමඟ. දැන් ඔහු මගේ සැමියා. අපි හොඳ පවුල් ජීවිතයක් ගතකරනවා. මගේ රංගනයන්ට මගේ සැමියාගෙන් විරුද්ධත්වයක් නැහැ…. ඔහු තමයි මගෙ ලොකුම ශක්තිය. ඔහු මට උදවු කරනවා. විශේෂයෙන්ම රෑට එයා මට හොඳ පුහුණුකරුවෙක්. ලිංගික ක්‍රියාකාරකම් කරන එක යහපත් සෞඛ්‍යකට බාධාවක් නෙවෙයි. අපි අපේ ලේ සහ මුත්‍රා සති තුනකට වරක් පරීක්ෂණය කරනවා. ඒ සියලු දත්ත අපි සතුයි. වැදගත්ම දේ ඒඩ්ස් පරීක්ෂාව. රෝග අවදානම පිළිබඳව නිතරම අපි පරික්ෂාවෙන් ඉන්නවා. මගේ කළමනාකරුගේ ධුරය දරන්නෙත් මගේ සැමියා. අපිට නිෂ්පාදන ආයතනයක් තිබෙනවා. ඔහුත් මා සමඟ චිත්රපටවල රඟපානවා.

හින්දි සිනමාව හොල්ලපු හැටි
සනී අක්කියා ඉන්දියාවට ආවේ විශේෂ ආරාධනාවකින්. ඒ, "කලර්ස්" නැමැති ඉන්දීය රූපවාහිනී නාළිකාව නිෂ්පාදනය කළ, 2011 වසරේ දී තිරගත වූ "බිග් බොස්" රියැලිටි වැඩසටහන් මාලාවට සම්බන්ධවීමටය. ඒ වනවිට මුළු  ලෝකෙම විතරක් නෙමෙයි, ඉන්දියානුවන් ද දැන සිටියේ සනී අක්කියා බ්ලූ ෆිල්ම් නිළියක් විදිහටයි.  සනී අක්කියා ඒ රියැලිටි වැඩසටහනට සම්බන්ධවීමත් එක්ක, ඒ වැඩසටහන එක රැයින් අතිශයින් ජනප්‍රිය වුණා. සනී අක්කියා ගැන මුළු ඉන්දියාවම කතා කරන්න පටන් ගත්තේ ඊට පස්සෙ. ඉන්දියාවෙ ජාතිකවාදීන්ගේ දැඩි විරෝධයක් සනී අක්කියාට ආවා. ඉන්දීය පාර්ලිමේන්තුවේදී පවා සනී අක්කියා ගැන වාද විවාද ඇති වුණා. ‘බිග් බොස්’ වැඩසටහට සම්බන්ධ වෙලා ඉද්දි, ජනප්‍රිය වගේම සම්මානනීය බොලිවුඩ් අධ්‍යක්ෂවරයෙකු වන මහේෂ් භාත්, සනී අක්කියා හම්බෙන්න ආවා. මහේෂ් අයියා සනී අක්කියාට ආරාධනා කළා ‘ජිසම්’ චිත්‍රපටියේ දෙවැනි කොටසේ ප්‍රධාන නිළිය විදිහට රඟපාන්න එන්න කියලා. ඇය එක පයින් ඒ ආරාධනාව පිළිගත්තා. ඒ වෙනකොටත් සනී අක්කියාට රංගනය අලුත් දෙයක් නොවුනු හින්දා (බ්ලූ විතරක් නෙමෙයි හොඳ ඒවාගෙත් අක්කියා රඟපෑවා ) අක්කියා පැනපු ගමන් කැමති වුණා. ජිසම් 2’  චිත්‍රපටියෙ රඟපාන්න සනී අක්කියා අපේ රටටත් ආවා. ඇය මෙරටට පැමිණියේ ඇගේ සැමියා එක්ක. ෂූට් අවුට් ඇට් වඩාලා”, “Ragini MMS2”, “ජැක්පොට්සනී අක්කියගෙ රඟපෑම් වලින් හැඩවැඩ වුණා.

සනී අක්කියගෙ අඟර දඟර ආකර්ෂණීය රඟපෑම් දැකලා බොලිවුඩ් නිළි රැජිණියන්ට පට්ට ඊරිසියාවයි ලු.. "නිල් නිළියක්", "අපේ රට කනවාකිය කියා බොලිවුඩ් නිළි තරුයි, ඉන්දියාවෙ මිනිස්සුයි අපහාස කරද්දී ඒවා තඹ දොයිතුවකට මායිම් නොකර සනී අක්කියා එයාගෙ පාඩුවෙ වැඩ. සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්න සමහර නිළියො හොර රහසෙ ඩෙඟා නට නටා පත්තිනි ටෝක්ස් දාන එක ඉන්දියාවෙයි ලංකාවෙයි සාමාන් දෙයක්. මුකුත් නොදන්න කුක්කු පැටවු වගේ හුරතල් නොවී තමන් කවුද කියලා මුලු ලෝකෙටම පෙන්නලා තියෙද්දිත්, රෙද්ද උස්සන්න විතරක් නෙමෙයි වැදගත් විදිහට රඟපාන්නත් පුළුවන් බවත් සනී අක්කියා ඔප්පු කරලා පෙන්නනමින් ඉන්නවා. ඉන්දියාවෙයි ලංකාවෙයි ප්රවීණ නිළි අක්කලාට සනී අක්කියා හොඳ ආදර්ශයක් දීල තියෙනවා. මහන්සි නොවී හාන්සි වෙලා විතරක් නිළියො වෙච්චි නිළියන්ට චරිතෙ අවුල් කියලා රට්ටු කියනව නම් තවදුරටත් පත්තිනි ටෝක්ස් නොදා කට .. වහගෙන තම තම නැණ පමණින් මහන්සිවෙලා වැඩකරනවා නම් සනී අක්කියා වගේ දියුණු වෙන්න පුළුවන්. සනී අක්කියට මං ගොඩාක් ආදරෙයි.. අක්කියා කැමතිනම් මං අද වුණත් අක්කියව බඳින්න ලෑස්තියි. ඇයි?? සනී අක්කියා ගතකරන්නෙ ඇත්ත ජීවිතයක්.. ඇත්තට මං ආදරෙයි.. සනී අක්කියටත් මං ගොඩාක් ආදරෙයි..

තිළිණ සංදීප ජයසිංහ