Difference





2006 මං A/L කරන්න ගිය කාලේ

මට මුලින්ම හම්බුන යාලුවෝ අතර වෙනස්ම කෙනෙක් "ඇරිස්ටෝටල්".

වෙනස Change කියන වචන වලට මං මාර Love පොඩි කාලේ ඉඳල..
ඇරිස්ටෝටල් ගෙන්ම මං මේක පටන් ගත්තේ ඒකයි..

ඊට පස්සේ මට ග්‍රීසියේ ගොඩාක් ය හම්බුනා.
ප්ලේටෝ, සොපොක්ලීස්, යුරිපිඩීස්, අරිස්ටොෆානිස් ඒ අතර මතක හිටින චරිත..
අරිස්ටොෆානිස් තමා ට් පට පට!!

ඔය කාලෙදිම තමා මට "භරත මුණි" හම්බුනේ..
භරත මුණි ඒ හැමෝටම වඩා වෙනස්..
අපි ලෝකේ දකින හැම දේම අනුකරණයක්
කියන කතාව මට වදින්න කියල දුන්නේ භරත මුණි..

ජයලාල් රෝහණ මගේ A/L Drama Tution ගුරුතුමා
අලුතෙන් හිතන්න අලුත් මිනිහෙක් වෙලා පොලවේ පය ගහල
මොලෙන් ජිවත් වෙන්න අපිව හුරු පුරුදු කරපු
සොඳුරු ආඥාදායකයා නිසා
අනාගතේට ආදරේ කර කර මහන්සිවෙලා වැඩකරලා
කාටවත් බරක් නොවී ජිවත් වෙන්න ඕනේ කියල පට්ට ගැම්මක් ආවා..


මගේ රැඩිකල්, JVP හා JVP කික් ලත් මිතුරු සමාගමයත් එක්ක

මාක්ස්, ලෙනින්, චේ ගුවේරා අතපත ගාගෙන ලා රතු වුනු මං

පරණ මවුබිම පත්තරේ (දැන් එක නෙමෙයි), පෙරදිග සුළං සඟරාව වගේ රැඩිකල් ප්‍රකාශන
දීප්ති කුමාර ගුණරත්න වගේ සමහරු කරපු කතා බහ හරහා කියවන්න, හොයන්න ගත්ත.. හෝ චේ මින්, පිලිප් කොට්ලර් හරහා ඩේවිඩ් ඔගිල්වි දක්වා ගමනක් මං දැන් ඇවිත් ඉන්නවා..



මිනිහෙකුට වීරයෙක් ඕනේ!

මැරෙනකන්ම කාගේ කාගේත් ලෝක වල වීරයෝ ඉන්නවා.. ඒක ජිව විද්‍යාත්මක අවශ්‍යතාවක්..
මගේ ලෝකේ වීරයෝ වෙන්නේ
ජයලාල් රෝහණ, නිමල් ලක්ෂපතිආරච්චි, සුසාර දිනාල්, වසන්ත දුක්ගන්නාරාල,
පිලිප් කොට්ලර්, ඩේවිඩ් ඔගිල්වි
තව ඉන්නවා..

කාලයක් මාත් Try කළා ඒ කවුරු හරි වගේ වෙන්න..
කවුරුවත් වගේ වෙන්න කාටවත් බෑ!!



මම ගොඩාක් විශ්වාස කරන ගණ දෙවියෝ, ශිව දෙවියෝ, දුර්ගා මෑණියෝ ආධ්‍යාත්මිකව මාව ශක්තිමත් කරනවා.. 
ඒ අය මගෙ ලෝකෙ පූජනීය වීරයෝ!!


කාගේ කාගේත් ආභාශය ලබා
අනුකරණයෙන් තමන්ගේම වගේ දෙයක් හදා ගෙන
මට මං වෙන්න පුළුවන් ..
ඔයාට ඔයා වෙන්න පුළුවන් ඔයාගේ වීරයංගෙ පිහිටෙන්..

මං විශ්වාස කරන විදිහට
නිර්මාණාත්මක විදිහට පරිකල්පනාත්මක කොපි කිරිල්ල පවු නෑ..





No comments:

Post a Comment