28 March, 2014

සනී ලියොන්ට මාත් ආදරෙයි!

ලංකාවෙ එවුන් එපා වෙච්චි මං දැන් ටික කාලෙක ඉඳලා ජාත්‍යන්තර සබඳතා අරඹා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ තහවුරු කරගත හැකි බවට වාර්තා වෙනවා. "සිය රට දේ සිරි සැප දේ" තේමාව ගරු කරන මා වැන්නෙක් එවැන්නක් හරහා රට පැනීමට හෝ රට, දැය, සමය පාවා දීම කෙරෙහි කිසිසේත්ම තැත් නොකරන බැව් විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා. තමාට තමා විසින්ම පමණක් සිදුකරගත හැකි ශරීර කෘත්‍යයන් දෙකම හිඳගෙනම පමණක් සිදුකරන මාදිලියේ අය සමඟ එකී ජාත්‍යන්තර සබඳතා වැඩිදුරටත් පවතින බැව් ඉහත කී වාර්තාවන්ගේ වැඩිදුරටත් සඳහන්.

එහෙම දන්න දන්න ඉංගිරිසි කෑලි පූට්ටු කරලා සිත් සේ එහෙත් "වැදගත් සේ" කතා බස් දොඩන අස්සෙ අහම්බෙන් සෙට් වුණා ඉන්දියාවෙ සීක් ජාතික මිත්‍රයෙක්. මිනිහගෙ නම "සංදීප්", මගේ නමේ කෑල්ලකට සමානයි. ඒ හින්දද මන්දා මිනිහා මාත් එක්ක පට්ටෙට සෙට් වුණා. මිනිහා මරු ඩයල් එක.. හින්දි ෆිල්ම් වල ඉන්න සීක් ජාතිකයො වගේම ජොලි, ගොඩාක් මිත්‍රශීලී එළ කොල්ලෙක්! (මිනිහ සමහර හින්දි ෆිල්ම් වලට බනිනවා උන්ගෙ ජාතිය ගැන වැරදි චිත්‍රයක් ලෝකෙට මවා පානව කියලා. උන් හැබෑවටම ජොලි ජාතියක් උණාට නිවට නැති, බොහොම නිර්භීත, මස් මාලු නොකන ආගමට නැඹුරු වැදගත් ජාතියක්ලු. ඒ කතාව නම් ඇත්ත. ඉන්ටර්නෙට් එකෙ උන් ගැන හොයලා බැලුවත් ඒක තහවුරු කරගන්න පුළුවන්.) බන්ග්‍රා සිංදු, පන්ජාබ් ඇඳුම්, කෑම බීම ගැන කතා කර කර ඉඳලා අපි වැදගත්ම මාතෘකාවකට ආවා. “පංජාබ් කෙල්ලො” ගුණ දහම් එක්ක හොඳට හැදුනු අයලු. හරි අහිංසකයි, වැදගත් ලු. බටහිර සංස්කෘතිය නිසා දැන් දැන් කෙල්ලො සංකර වේගන යනවා කියලා ඌ දුක් වෙනවා. (මං ඉතින් කට ...ක වහගෙන හිටියා අනේ අපේ එවුන් ඊට හපන් නෙ නේද අනේ) මං නිකමට මිනිහගෙන් ඇහුවා සනී ලියොන් ගැන. (සනී ලියොන්ට පන්ජාබ් සම්භවයක් තියෙනව කියනවානෙ) ඌට ඒකට මළම පැන්නා. ඌ බනිනව එකසිය ගාණට ඒකිට. උන්ගෙ ජාතියට, ඉන්දියාවට අයිතිවාසිකම් කියන්න එන, අපහාස කරන පජාති බැල්ලියෙක් ලු ඒකි. (ඌ ඉංග්‍රීසියෙන් බැනපුවා මං කෙටියෙන් අනුවර්තනය කළා ඕං) සනී ලියොන් ගැන ඒ කතාවෙදි ඇදිලා ආපු හින්දා මං ඒ ගැන මේ පාර ලියන්ඩ කල්පනා කළා. ගූගල් එකේ නම ගැහුවා විතරයි පට්ට පට පට.. (ලියන්ඩ කලින් අත්දැකීම් එක්කහු කරගන්නඩ එපායැ. හැබැයි හම්බුනු ෂෝයි වීඩියෝ එහෙම නම් බැලුවෙ නෑ ඕං )

පහුගිය මාර්තු 21 වෙනිදා ලොව පුරා තිරගත ආරම්භ වුණු Ragini MMS2 එක්ක සනී අක්කියා ගැන හැම තැනම කතා ඇහෙනවා. ("සනී අක්කියා" ඔව්.. "අක්කියා" තමයි.. එයා 1981 මැයි 13,  මං 1987 ඔක්තෝබර් 29.. ඉතින් අක්කියා තමයි නෙ.. "අක්කා" කියනවට වඩා "අක්කියා" කිවාම ආදරණීය බවක් දැනෙන හින්දයි මං සනී ලියොන් ට "අක්කියා" කියන්නෙ.. මෙතැන් සිට මං සනී ලියොන් නොකියා "සනී අක්කියා" යැයි කියමි.)

චූටි කාලේ
සනී අක්කියාගෙ උපන් නම "කරන්ජිත් කෝර් වොහ්රා" (Karenjit Kaur Vohra). සනී අක්කියගෙ තාත්තා පංජාබයේ චන්දිගාර් ප්‍රදේශයේත්, අම්මා පංජාබයේ හිමාචල් ප්‍රදේශයේත් ජීවත් වෙච්චි අය. ජෝඩුව පස්සෙ කැනඩාවෙ පදිංචියට ගිහින්. කැනඩාවේ ඔන්ටාරියෝ නගරයේදි තමයි මේ පිංවත් කුමරිය ජන්ම ලාභය ලබලා තියෙන්නෙ. අම්මයි තාත්තයි පන්ජාබ්,  හින්දද කොහෙද මගේ සීක් ජාතික මිත්‍රයා සනී අක්කියාට "පජාති" කියන්න ඇත්තෙ. සනී අක්කියාගෙ උපන් නම "කරන්ජිත් කෝර් වොහ්රා". සනී අක්කියගෙ තාත්තා පංජාබයේ චන්දිගාර් ප්‍රදේශයේත්, අම්මා පංජාබයේ හිමාචල් ප්‍රදේශයේත් ජීවත් වෙච්චි අය. ජෝඩුව පස්සෙ කැනඩාවෙ පදිංචියට ගිහින්. කැනඩාවේ ඔන්ටාරියෝ නගරයේදි තමයි මේ පිංවත් කුමරිය ජන්ම ලාභය ලබලා තියෙන්නෙ. අම්මයි තාත්තයි පන්ජාබ් හින්දයි සනී අක්කියා හැමතිස්සෙම එයා ඉන්දියාවෙ කිය කියා කියන එකයි හින්දාද කොහෙද මගේ සීක් ජාතික මිත්‍රයා සනී අක්කියාට "පජාති" කියන්න ඇත්තෙ. සනී අක්කියා ඉගෙන ගත්තෙ කතෝලික ඉස්කෝලෙක.. හිච්චි කෙල්ල කාලෙ ඉඳලා සනී අක්කියාට තිබිලා තියෙන්නෙ එසේ මෙසේ දාංගලයක් නම් නෙමෙයි.. ක්‍රීඩාශීලී සනී අක්කියා වැඩිපුරම ආසාව තිබ්බෙ බාස්කට් බෝල් ගහන්න.. පොඩි කාලෙ සෙල්ලම් කරද්දි වැඩිපුරම කොල්ලො එක්කලු සෙල්ලම් කරලා තියෙන්නෙ. කොටින්ම කිව්වොත් වැඩිය කෙල්ලො එක්ක ඇයි හොඳැයියක් තියා ගන්න කැමති වෙලා නැහැ සනී අක්කියා..

සෙක්සි සනී අක්කියා
සනී අක්කියා චූටි කාලෙ ඉඳලම පට්ට ලස්සනයි.. ලස්සන සනී අක්කියා "සෙක්සි" වුණේ ධෛවයෝගයකින් වෙන්න ඇති.. සනී අක්කියාම කියන විදිහට එයාට "පළමු හාදුව" ලැබුනෙ වයස අවුරුදු 11දී ලු.. වයස අවුරුදු 16දී බාස්කට් බෝල් ක්රීඩකයෙකුගේ අනුග්රහයෙන් කන්යාභාවයෙන් ස්ත්රීභාවයට පියවර තැබූ වයස අවුරුදු 18දී ස්ත්රී පුරුෂ දෙපාර්ශ්වය හා සමඟම රති කෙළියේ යෙදීම ප්රිය කළාය. (Bisexual බොලවු Bisexual)  ඇත්තටම සනී අක්කියා පට්ට ලස්සනයි වගේම පට්ට සෙක්සි.. මුළු ලෝකෙම කොල්ලො අක්කියගෙ සෙක්සි ලස්සනට පිස්සු වැටිලා. Google සර්ච් වල හොයපු Star චරිත අතර Porn Star සනී අක්කියා ඉස්සරහින්ම ඉන්නවා. වීඩියෝ වලින් ෆොටෝ වලින් දැකලා කට්ටිය එච්චර පිස්සු වැටිලා නම් හැබෑවටම හම්බුනොත් නම් බඩුම තමා. සනී අක්කියගෙ උස අඩි 5 අඟල් 4යි. මේ වෙනකොට අක්කියගෙ බර කිලෝ 54ක් වෙනවා. ඉඟ සුඟ ගත හැක මිටින කියනවා වගේ සනී අක්කියගෙ ඉඟ 25" ක් වගේම උකුල් ප්‍රදේශය 36" කියලා වාර්තා වෙනවා. බ්‍රා සයිස් එක 34 කියලාත් වාර්තා වෙනවා. “මගේ සිරුරේ ආකර්ෂණීයම අංගය මගේ මුහුණ.” කියලා සනී අක්කියා පත්තරේකට ඉන්ටර්වීව් එකක් දීල තිබ්බා. ඔයාලා හිතන විදිහට සනී අක්කියගෙ සිරුරේ ආකර්ෂණීයම අංගය මොකක්ද? :-D හින්දි චිත්රපටි වල සනී අක්කියගෙ අඩ නිරුවත්, සරාගී රංගනයන්ගේ තිබුණු Art එක, සනී අක්කියා රඟපාපු XXX ෆිල්ම් වල සීන්වලට වලට වඩා මට පට්ටෙට දැනෙනවා. ඔයාලට දැනෙන්නෙ කොහොමද

සනී අක්කියගෙ රස්සා විස්තරේ
කොහොමෙන් කොහොම හරි සනී අක්කිය හැබැයි හොඳට ඉගෙන ගත්තා..  සනී අක්කියා 1999 අවුරුද්දෙ උපාධිධාරිණියක් වුණා. සෙක්සි සනී අක්කා ඉස්සෙල්ලාම බේකරියක වැඩ කලා. සනී අක්කියා Accounting වලට දක්ෂ හින්දා Accounting පැත්තෙ රස්සාවක් කළා ඊට පස්සේ. ඊටත් පස්සෙ සනී අක්කාට නර්ස් කෙනෙක් වෙන්න ආසා හිතිලා ඉගෙනගන්න කාලෙ සරාගී නැටුම් ශිල්පිණියක් විදිහට වැඩකරපු යෙහෙලියකගෙ දැන හැඳුනුම්කමක් හින්දා ජෝන් ස්ටීවන්ස් නමැති නිරූපණ ශිල්පීන් සපයන තැරැව්කාරයෙක්ව අඳුර ගත්ත. ස්ටීවන් අයියා මේ ලස්සන ෂෝයි අක්කියාව මුලු ලෝකෙම කොල්ලො කට ඇරගෙන කියවන පිරිමි මැගසින් එකක් වෙන "පෙන්ට් හවුස්" සඟරාවෙ ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට සෙට් කලා. (ඒ අතරේ අක්කිය මොනවද කරගත්තෙ කියල මගෙන් අහන්න එපා) පෙන්ට් හවුස් සඟරාවේ ලොක්කෙක් කියලා තමයි අක්කියාගෙ නම "සනී ලියොන්" කියලා වෙනස් කරගන්න උපදෙස් දීල තියෙන්නෙ. පෙන්ට් හවුස් සඟරාවේ පළවෙච්චි සනී අක්කියගෙ සරාගී ඡායාරූපත් එක්ක කෙටි කාලයක් ඇතුලත 18+ නිරූපිකාවක් විදිහට ජනප්‍රිය වෙන්න වාසනාව උදා වුණා. 2001 අවුරුද්දෙ ඉඳලා නිරූපිකාවක් විදිහට කැනඩාවේ සනී අක්කියා සෑහෙන්න ජනප්‍රිය වුණා. Accounting කරලා මොළෙන් හම්බ කරන එකයි නර්ස් කෙනෙක් වෙලා ලෙඩ්ඩුන්ට සාත්තු සප්පායම් කරලා ඇඟ වෙහෙසලා හම්බ කරන එකයි අත ඇරලා දාලා සනී අක්කි ඇඟ පෙන්නන එක රස්සාව කරගත්තා.

සම්මානනීය සනී අක්කියා
ත්‍රිබල් දන්නවනෙ.. නේද.. XXX (බ්ලූ) අපි හුඟ දෙනෙක් වගේම සනී අක්කියත් ඒ ජාතියෙ Film එකක්  බලන්න චූටි කෙල්ල කාලෙ ඉඳලා පුරුදු වෙලා හිටියා කියලා එයාම කියනවා. වයස අවුරුදු 19දි විතර යෙහෙළියක් එක්ක ඒ ජාතියෙ Film එකක් බලලා ඒ අත්දැකීම් ගැන විද්වත් සංවාදයකට එළෙඹුණාලු. කොටින්ම කිව්වොත් XXX Film Industry එක ගැන සනී අක්කියා චූටි කාලෙ ඉඳලා පිස්සු වැටිලා හිටියේ.. 18+ නිරූපිකාවක් විදිහට ජනප්‍රිය වෙන සනී අක්කියා XXX Film වල රඟපාන්නත් ආවා. නිරූපිකාවක් විදිහට ඇඟ පෙන්නලා හම්බ කර කර ඉන්න වෙලාවෙ සනී අක්කට ඒ ඇඟෙන්ම හම්බකරගන්න තවත් පොටක් පෑදුනා. ඊට පස්සෙ සනී අක්කියා එයාට තවත් නැති වෙන්න දේකුත් නැති එකේ නිල් සිනමාවට එකතු වුණා. ඊට පස්සෙ කෙටි කාලෙකින්ම සනී අක්කියා සම්මානනීය නිල් සිනමා නිලි රැජිණක් බවට පත්වුණා. Web Babe of the Year, Best All-Girl Group Sex Scene, Web Starlet of the Year, Favorite Breasts, Porn Star Site of the Year, Crossover Star of the Year අපේ සනී අක්කියා දිනා ගත්තු සම්මාන කීපයක්..

සනී අක්කියාගෙ හස්බන්ඩ් අයියා
නිල් සිනමාවේ සම්මානනීය දෝණි නටන නාඩගම් දිහා දෙමවුපියෝ බොහොම හිත් වේදනාවෙන් බලං හිටියෙ.. ඒත් සනී අක්කියට දෙන්නා විරුද්ධ වෙන්න ආවෙ නැහැල්ලු.. (මම නෙමෙයි සනී අක්කියා කියන්නෙ ) කවදා නම් මේකි කසාදයක් බඳීද දෙයියනේ කියලා දෙන්නා දෙමහල්ලො බලං ඉන්නකොට මෙන්න බොලේ සනී අක්කියා රස්සාවෙන්ම පරස්තාවත් හොයා ගත්තා. සනී අක්කියා කාලෙන් කාලෙට ප්රසිද්ධියෙ ගෑණුයි පිරිමියි 10 දෙනෙක් එක්ක ජීවත් වෙලා අන්තිමට ටක්කෙට හරියන කෙනා විදිහට 11වැනියාව තෝරගත්තා. සනී අක්කියා රස්සාවෙන්ම හොයාගත්තු අයියගෙ නම “ඩැනියෙල් වෙබර්”. ඩැනියෙල් අයියා ජනප්‍රිය සංගීත ශිල්පියෙක්, නලුවෙක් වගේම චිත්‍රපටි නිෂ්පාදකයෙක්. ඩැනියෙල් අයියා එක්ක සනී අක්කියා හොඳ පවුල් ජීවිතයක් ගතකරනවා කියලා සනී අක්කියා පත්තරේකට ඉන්ටර්වීව් එකක් දීල තිබ්බා. ඒක මම පහලින් දැම්මා ඕං..

 “පළමු වතාවට ඡායාරූපයකට නිරුවත් වීමේදී ටිකක් විතර මං කම්පනයට පත් වුණා. පළවෙනි නිල් චිත්‍රපටියෙ රඟපානකොට හිතුනෙ ඒක බිස්නස් එකක්ම විතරයි කියලා.  පළැමු වතාවට මම එහෙම රඟපෑවේ මගේ පෙම්වතා සමඟ. දැන් ඔහු මගේ සැමියා. අපි හොඳ පවුල් ජීවිතයක් ගතකරනවා. මගේ රංගනයන්ට මගේ සැමියාගෙන් විරුද්ධත්වයක් නැහැ…. ඔහු තමයි මගෙ ලොකුම ශක්තිය. ඔහු මට උදවු කරනවා. විශේෂයෙන්ම රෑට එයා මට හොඳ පුහුණුකරුවෙක්. ලිංගික ක්‍රියාකාරකම් කරන එක යහපත් සෞඛ්‍යකට බාධාවක් නෙවෙයි. අපි අපේ ලේ සහ මුත්‍රා සති තුනකට වරක් පරීක්ෂණය කරනවා. ඒ සියලු දත්ත අපි සතුයි. වැදගත්ම දේ ඒඩ්ස් පරීක්ෂාව. රෝග අවදානම පිළිබඳව නිතරම අපි පරික්ෂාවෙන් ඉන්නවා. මගේ කළමනාකරුගේ ධුරය දරන්නෙත් මගේ සැමියා. අපිට නිෂ්පාදන ආයතනයක් තිබෙනවා. ඔහුත් මා සමඟ චිත්රපටවල රඟපානවා.

හින්දි සිනමාව හොල්ලපු හැටි
සනී අක්කියා ඉන්දියාවට ආවේ විශේෂ ආරාධනාවකින්. ඒ, "කලර්ස්" නැමැති ඉන්දීය රූපවාහිනී නාළිකාව නිෂ්පාදනය කළ, 2011 වසරේ දී තිරගත වූ "බිග් බොස්" රියැලිටි වැඩසටහන් මාලාවට සම්බන්ධවීමටය. ඒ වනවිට මුළු  ලෝකෙම විතරක් නෙමෙයි, ඉන්දියානුවන් ද දැන සිටියේ සනී අක්කියා බ්ලූ ෆිල්ම් නිළියක් විදිහටයි.  සනී අක්කියා ඒ රියැලිටි වැඩසටහනට සම්බන්ධවීමත් එක්ක, ඒ වැඩසටහන එක රැයින් අතිශයින් ජනප්‍රිය වුණා. සනී අක්කියා ගැන මුළු ඉන්දියාවම කතා කරන්න පටන් ගත්තේ ඊට පස්සෙ. ඉන්දියාවෙ ජාතිකවාදීන්ගේ දැඩි විරෝධයක් සනී අක්කියාට ආවා. ඉන්දීය පාර්ලිමේන්තුවේදී පවා සනී අක්කියා ගැන වාද විවාද ඇති වුණා. ‘බිග් බොස්’ වැඩසටහට සම්බන්ධ වෙලා ඉද්දි, ජනප්‍රිය වගේම සම්මානනීය බොලිවුඩ් අධ්‍යක්ෂවරයෙකු වන මහේෂ් භාත්, සනී අක්කියා හම්බෙන්න ආවා. මහේෂ් අයියා සනී අක්කියාට ආරාධනා කළා ‘ජිසම්’ චිත්‍රපටියේ දෙවැනි කොටසේ ප්‍රධාන නිළිය විදිහට රඟපාන්න එන්න කියලා. ඇය එක පයින් ඒ ආරාධනාව පිළිගත්තා. ඒ වෙනකොටත් සනී අක්කියාට රංගනය අලුත් දෙයක් නොවුනු හින්දා (බ්ලූ විතරක් නෙමෙයි හොඳ ඒවාගෙත් අක්කියා රඟපෑවා ) අක්කියා පැනපු ගමන් කැමති වුණා. ජිසම් 2’  චිත්‍රපටියෙ රඟපාන්න සනී අක්කියා අපේ රටටත් ආවා. ඇය මෙරටට පැමිණියේ ඇගේ සැමියා එක්ක. ෂූට් අවුට් ඇට් වඩාලා”, “Ragini MMS2”, “ජැක්පොට්සනී අක්කියගෙ රඟපෑම් වලින් හැඩවැඩ වුණා.

සනී අක්කියගෙ අඟර දඟර ආකර්ෂණීය රඟපෑම් දැකලා බොලිවුඩ් නිළි රැජිණියන්ට පට්ට ඊරිසියාවයි ලු.. "නිල් නිළියක්", "අපේ රට කනවාකිය කියා බොලිවුඩ් නිළි තරුයි, ඉන්දියාවෙ මිනිස්සුයි අපහාස කරද්දී ඒවා තඹ දොයිතුවකට මායිම් නොකර සනී අක්කියා එයාගෙ පාඩුවෙ වැඩ. සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්න සමහර නිළියො හොර රහසෙ ඩෙඟා නට නටා පත්තිනි ටෝක්ස් දාන එක ඉන්දියාවෙයි ලංකාවෙයි සාමාන් දෙයක්. මුකුත් නොදන්න කුක්කු පැටවු වගේ හුරතල් නොවී තමන් කවුද කියලා මුලු ලෝකෙටම පෙන්නලා තියෙද්දිත්, රෙද්ද උස්සන්න විතරක් නෙමෙයි වැදගත් විදිහට රඟපාන්නත් පුළුවන් බවත් සනී අක්කියා ඔප්පු කරලා පෙන්නනමින් ඉන්නවා. ඉන්දියාවෙයි ලංකාවෙයි ප්රවීණ නිළි අක්කලාට සනී අක්කියා හොඳ ආදර්ශයක් දීල තියෙනවා. මහන්සි නොවී හාන්සි වෙලා විතරක් නිළියො වෙච්චි නිළියන්ට චරිතෙ අවුල් කියලා රට්ටු කියනව නම් තවදුරටත් පත්තිනි ටෝක්ස් නොදා කට .. වහගෙන තම තම නැණ පමණින් මහන්සිවෙලා වැඩකරනවා නම් සනී අක්කියා වගේ දියුණු වෙන්න පුළුවන්. සනී අක්කියට මං ගොඩාක් ආදරෙයි.. අක්කියා කැමතිනම් මං අද වුණත් අක්කියව බඳින්න ලෑස්තියි. ඇයි?? සනී අක්කියා ගතකරන්නෙ ඇත්ත ජීවිතයක්.. ඇත්තට මං ආදරෙයි.. සනී අක්කියටත් මං ගොඩාක් ආදරෙයි..

තිළිණ සංදීප ජයසිංහ



10 March, 2014

පුෂ්ප පිපී (පුප්පන්න කලිං පිපෙන්න..)



මගේ පළමු ලිපියට ෆේස්බුක් ඔස්සේ ලැබුණු ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි! දෙවන ලිපියට මාතෘකාව විදිහට ගත්තේ "පුෂ්ප". මේ මාතෘකාව මට ඉතාම සමීපයි.. එදිනෙදා ජීවිතයට සමීපයි.. ඒත් මම ඒ ගැන මෙතන වැඩි විස්තර කියන්න යන එක නම් ඒ හැටි මගෙ ඇඟට ගුණ නෑ. මේ මාතෘකාව තෝරාගැනීම සම්බන්ධයෙන් නම් මගේ පත්තර මිතුරෝ ගොඩාක් දැනුවත් :-)

ඔවු "පුෂ්ප" කියන්නෙ "මල්" තමයි.. මල් කිව්වාම සමහරු වැරදියට හිතන්නත් ඉඩ තියෙනව.. ඒ හින්දායි අර හින්දායි (කලින් ඡේදෙ බලන්නකො) මම "මල්" නොකියා "පුෂ්ප"ම කියන්නම්..

අපේ රටේ ජාතික පුෂ්පය මොකක්ද කියලා පහේ ශිෂ්‍යත්වයට කටපාඩම් කළා මතකයි නේද? "නිල් මානෙල්" පුෂ්පය තමයි අපේ රටේ "ජාතික පුෂ්පය". පළාත් සභා මැතිවරණ උණුසුම දැනෙන අස්සේ අඩු ගානෙ ඡන්දෙ ඉල්ලන එවුන්වත් පළාතේ "පළාත් පුෂ්පය" ගැන දන්නවද දන්නෙ නෑ නේද?. බස්නාහිර පළාතේ පළාත් පුෂ්පය වෙන්නේ "සුදු නෙළුම්" පුෂ්පයයි. ලස්සනයි, සුවඳයි වගේම ඖෂධීය ගුණේකුත් තියෙන පැළෑටියක් විදිහටත් සුදු නෙළුම් බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. දකුණු පළාත් සභාවේ පළාත් පුෂ්පය වෙන්නේ "හීන්බෝවිටියා" පුෂ්පයයි. කැලේ පිපිලා කැලේම පරවෙලා යන, අපේ රටටම පමණක් ආවේණික වෙච්චි හීන්බෝවිටියා ගෙදර මිදුලේ ලස්සනට වවාගත්තත් පාඩු නැති බේත් හේත් වලට ගන්න වටින කියන ශාඛයක්. මේ පාරවත් පළාත් සභාවලට සුදු නෙළුම්, හීන්බෝවිටියා වගේ පුෂ්ප යවාපල්ලා. නැත්තන් ඉතින් අන්තිමට අර හැමදාමත් වාගේ ඔහෙලට පුෂ්පෙ පන්න ගන්න තමයි වෙන්නෙ. "බත් කන හරක්" ඉන්නාතාක් කල් "කිඩාරම්" පුෂ්ප තමයි දේශයේ පාලනයට පත්වෙන්නෙ. ("බත් කන හරක්"  අපේ ජයලාල් සර්ගෙ වදන් අතර ජනප්‍රියම වදනක්.. මේක තමා හරිම වදන ඒ ජාතියෙ උන්ට දැනෙන්න අමතන්න පුළුවන්..) කිඩාරම් පුෂ්පයේ වමනෙට එන ගඳක් තිබ්බ වුණාට අල නම් රසවත් වගේම ඖෂධීය ආහාරයක් කියලා ආයුර්වේදයේ සඳහන් වෙනවා. කිඩාරම් "පුෂ්ප" වගේ ගඳ ගහන ගොඩක් "ගෑණු", පිරිමි එවුන්ගෙ ඇතුල නරකම නැති වෙන්න පුළුවන් උණත් මතුපිට ගඳ තියෙනකං උන් ගඳයොම කියලා හංවඩු ගැහෙන එක වළක්වන්න මේ සම්මජ්ජාතියෙ නම් බෑ. 

කිඩාරම් මල
 
මේක ලියන අස්සෙ (සමාවෙන්න! ටයිප් කරන අස්සෙ) ජෝතිපාලගෙ සිංදුවක් මතක් වුණා.. (ජෝතිපාල මහත්තයගෙ කියලා ගහන්න හිතුනත් මං එහෙම නොදැම්මෙ අපහාසෙකට නෙමෙයි ඊට වඩා මගෙ පපුවට ලඟයි ජෝතිපාල කියන එක. මේවා කපන්න කොටන්න සබ් එඩිටර්ලා නැති හින්දා බය නැතුව මට ඕනෙ විදිහටයි මේ ගහලා තියෙන්නෙ )

සල්, සපු, නා, නිල් මානෙල්, කුමුදු, සමන් මල් අතරේ
කිඩාරම් මලේ.. පවා සුවඳ දිගහැරේ

පළිඟු රුවන් මිණිමුතු මෙන් පහන් දිලෙනවා
එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා
එය හැඟී නෙත මගේ කඳුළු සලනවා

වීණාවෙන්, බිළිඳු අතින් මිහිරි සර වැයේ
සුපෙම් හැඟුම් උපද්දවයි දුගී වුව ලයේ
කලු වලා වල පවා රිදී ඉරි තියේ
කිමද මේ නිය දහම් අමතකව ගියේ

සල්, සපු, නා, නිල් මානෙල්, කුමුදු, සමන් මල් සුවඳ අතරේ අතරමං නොවී පිපිලා තියෙන කිඩාරම් මල් අඳුරගනිල්ලා.. කඩලා විසිකරපල්ලා.. පුළුවන් නම් අල කාපල්ලා. බහුතර දේශපාලකයොයි, දේශපාලනේට එන්න දතකට මැදගෙන තාප්ප වල ඇලවිලා ඉන්න සමහර කුජීත මූණුයි මට නම් පේන්නෙ "බාඳුරා" පුෂ්ප වාගෙ. බැහැලා දේශපාලනේ කරන්න යන සාමාන්‍ය ජනතාව බඳුරා පුෂ්පේ වැටිලා මැරෙන පොඩි සත්තු වගේ නොවේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා! වීණාවෙන්, බිළිඳු අතින් මිහිරි සර වැයේ වගේ, පොඩි පොඩි උන්ටත් ලොකු ලොකු දේවල් කරන්න පුළුවන් කියන එක මතක තියා ගනිල්ලා. කලු වලා වල පවා රිදී ඉරි තියේ කියලා අපි විශ්වාසකරමු ජෝතිපාලත් කිව්ව වගේ. "කිමද මේ නිය දහම් අමතකව ගියේ" කියලා කාගෙන් හරි නාහන තැනට වැඩ සිද්ධ කරගන්න එක කාගෙ කාගෙත් යුතුකම සහ වගකීම බව මතක තියා ගමු!

තිළිණ සංදීප ජයසිංහ





02 March, 2014

හිඟන්නො සහ මම


පේ ගෙට එහා පැත්තෙ තමයි ගම්පහ අහල පහළ අය අතර බොහොම ජනප්‍රිය ජ්‍යොතිෂ ආයතනයක් වෙන දෙව්සෙත ජ්‍යොතිෂ ආයතනය තියෙන්නෙ. ඒකෙ ජ්‍යොතිෂ පංති හැම සෙනසුරාදාවකමයි ඉරිදාවකමයි තියෙනවා. ඒ අපේ අල්ලපු ගෙදර හින්දා අපේ ගෙවල් පැත්ත ගැන කියද්දි ඒ ගැන නොකියාම බෑ.. ඒ හින්දමද කොහෙද පිනට දහමට ලැදි අය ඉන්න පැත්තක් කියලා හිතන හින්දාද මන්දා මහ පාරෙ යන පිළිකා ආධාර වෑනුයි, පංසල් සංවර්ධන ආධාර පත්‍රයි, නානාප්‍රකාර හිඟන්නොයි කෙළවරක් නැතිව අපේ ගෙවල් අහල පහළ කැරකෙන්නෙ.. සෙනසුරාදා, ඉරිදා, පෝය වගේ නිවාඩු වලට වැඩියි. එක එකා ඇවිත් ගේට්ටුවට ගහලා ගහලා ගේට්ටුව ඇද වෙයි කියන බයට අපේ මලයා හයි කරපු බෙල් එක ගහලා හිඟන්නො දැන් බොහොම වැදගත් විදිහට හිඟා කනවා. කණක් ඇහිලා ඉන්න නෑ නිවාඩු දවස් වලට.. මම ගෙදර ඉන්න දවසට මට තමා බෙල් එක වදිද්දි බලන්න වෙන්නෙ.

සෙනසුරාදා / ඉරිදා අඩුම ගානෙ මගෙ රුපියල් 10කට - 20කට අනිවාර්යෙන් තට්ටු වෙනවා. ගෙදර කවුරුවත් නෑ කියලා හරි ගේට්ටුව අරින්නෙ නැතුව ඉන්න හරි අපේ ගෙදර එවුන්ට වාවන්නෙ නෑ. බිස්නස් ප්ලෑන් ගහලා හිඟාකන එවුන් ඉන්නව කියලා හොඳටම දැන දැනත් එකෙක්ට රුපියලක් දෙකක් හරි දෙන එක මට පුරුද්දක් වෙලා. සමහර එවුන් කාසි දුන්නාම එපා මහත්තයො කියල අපිට කින්ඩි දාල යනව. යන එකාට යන්න අරිනවා මිසක් පස්සෙන් එලෝලා දෙන පුරුද්දක් මගෙ නැති හින්දා මාත් උන්ට නෑහෙන්න හොඳ පදේකුත් කියාගෙන ගේට්ටුව වහනවා.

හිඟාකන්න එන එවුන්ගෙ ප්‍රසන්ටේෂන් දිහා බලලා පර්සනල් සෙලින් ස්කිල් එක හොඳ නම් රු.10ක් දෙනවා, පින් තකා නෙමෙයි හැකියාව දිහා බලලා. ඇඩ්වටයිසින් ෆීල්ඩ් එකෙයි පත්තර ෆීල්ඩ් එකෙයි ඉන්න හින්දා හැම එකෙක්ගෙන්ම දෙයක් ගන්න තියෙනවා කියලා මං විශ්වාස කරන හින්දයි ඒ දෙන්නෙ. රු. 20 රටකජු කෑවා කියලා හිතා ගන්නව. 20ට වැඩිය නම් හොල්ලන්නෙ නෑ බොහෝ වෙලාවට. 




හම්බකරන සොච්චමෙන් බයිසිකලේ ලීසින් එක ගෙවලා ගෙයක් හදා ගන්න බැරි උණත් අඩුම ගානෙ කවදා හරි බඳින්න කලින් පර්චස් 10ක් වත් අරන් දාන්න ඉතුරු කරන්න ඔනෑ කියන දේ මගෙ හිතේ තදින්ම වැදිලායි තියෙන්නෙ. මට දැන් අවුරුදු 25කුත් වුනාට පස්සෙ තමයි ටිකක් හරි කළ එලියට අඳින්න පළඳින්න ගත්තෙ. මේ කාලෙ වෙනකොට අපේ එවුන් කරපු ෆැෂන් වලින් භාගයක් වත් දැන් අවුරුදු 26ක් වෙද්දි මං කරලා නෑ. පොඩි කාලෙ නම් ආසයි ෆැෂන් කරන්න, ඒත් ගෙදරට බරක් වෙන්න ආස නැති හින්දා චාම් ජීවිතේකට හුරු වුණා. හම්බකරන්න ගත්තට පස්සෙයි ටිකක් හරි මගෙ ආසාවන්ට ඉඩ දෙන්න පටං ගත්තෙ. දැන් මට ෆැෂන් කරන්න ඉස්සර තරම් ආසාවක් නැති වුණාට රස්සාවේ ස්ටේටස් එක රැක ගනින් කියලා රංජු ලොක්කා (මගෙ බොස්) උදේ හවා කියන නිසා 2013 ජනවාරි 01 දා ඉඳලා ටිකක් පිළිවෙලකට වැඩට යනවා :-) හිඟන්නාගේ ආදායම තීරණය වෙන එක සධකයක් තමයි උගෙ ගඳ සුවඳ.. පිළිවෙලට පිරිසිදුව ඇඳ පැළැඳගෙන ඉන්න හිඟන්නො ලඟට ලස්සන නෝනලා පවා ගිහින් කීයක් හරි දානවා, බත් පැකට් ගිහින් දෙනවා මං හොඳට බලාගෙන ඉඳල තියෙනවා. ගඳ ගහන හොටු නාවර පෙරාගත්තු හිඟන්නන්ටත් මාකට් එකක් ඇති ඒකනෙ එහෙම ඉන්නව ඇත්තෙ. (මෙච්චර වතුර තියෙන රටේ මූණ වත් හෝදගෙන ජනතාව ඉස්සරහට එන්නෙ නැත්තෙ සමහර එවුන් ඒ හින්දා වෙන්න ඇතී ඒත් හිඟන්න උණත් පිළිවෙළකට ඉන්න ඕනැ කියලා මට හිතෙන හින්දා අසාධ්‍ය ලෙඩෙක් ඇරුණාම අනිත් උන් ගැන මට තියෙන්නෙ කේන්තියක්.)

මාස් පඩි කාරයෙක් විදිහට හම්බෙන සොච්චම අමතර වැඩක් කරලා 25,000ක් වත් කරගන්න බැරි වුණු මාසෙට මට කෝච්චියෙ හිඟන්නො මතක් වෙනවා. මං වගේම අත පය නොහොල්ලා හම්බ  කළත් උන් මට වැඩිය හම්බ කරනව නේද කියල දැනෙන්නෙ එක පෙට්ටියකින් අඩුම ගානෙ 10, 20 කොළ 5-6ක් වත් එකතු කරන් ඊළඟ පෙට්ටියට මාරු වෙද්දි. එකෙක්ට තමන්ගෙ ප්‍රසන්ටේෂන් ස්කිල්ස් ඵලදායී විදිහට පාවිච්චි කරලා දවසකට රු. 1000කට වැඩිය නම් අනිවාර්යෙන් හොයන්න පුළුවන්. ලස්සනට ඇඳලා සුවඳ ගහ ගහ වැඩට යන අපේ බොහෝ දෙනෙක්ට ඔක්කොම කැපිල කැපිල ඇවිත් දවසෙ පඩිය රු. 1000ක් වත් වැටෙනවද? පවුලෙ වැඩිමලා හින්දා මට ගෙදර මොනව හරි ඕනෑකමක් උණොත් කර අරින්නත් බෑනෙ.. නෑ හිත මිත්‍රයන්ගෙ මගුල් ගෙවල්, බර්ත්ඩේ පාටි, ලොකු වෙච්චි පාටි හැමදාම මග අරින්න පුළුවන්ද? හොඳම ළඟම, විශ්වාසවන්ත යාළුවෙක් අතමාරුවක් ඉල්ලුවාම නොදී අරින්න පුළුවන්ද? (මං මකර ලග්න කාරයෙක් හින්දා වෙන්න ඇති මම නම් අනුන්ගෙන් උදවු ඉල්ලන්න හරිම අකමැතියි. මගෙ අම්ම, අප්ප, ගෑනිගෙන් උණත්.. මගෙ පරණ පෙම්බරී මට බැන්නෙ "මහන්තත්වෙ" කියල.. යකෝ ඒ මගෙ හැටි!!) මං රුපියලක් වියදම් කරන්නෙ අඩුම ගානෙ ඒ රුපියල ආයෙ ලැබේවා කියල ප්‍රාර්ථනා කරං.. නොමැරී ජීවත් වෙන්න අත්‍යාවශ්‍යම දේකට හැරුණාම ආතල් ගන්න, ජොලි දාන්න මං සල්ලි හොල්ලන්නෙ නෑ. අපේ එවුන් ඒ හින්දා මට කියන්නෙ "කුණා" කියලා. ඒත් ඒ "කුණුකම" මට රත්තරන්. ගම්පහ ගාඩර් එක උඩ සමහර හිඟන්නො උදේ මං වැඩට යද්දි ෆ්‍රෙෂ් පිට හිඟා කනවා. රෑ ගෙදර එනකොට කාලක් ක්‍රියා කරලා බීඩියක් අදිනවා. හැබැයි එතකොට නම් උන්ගෙයි මගෙයි වෙනසක් තියෙනව කියලා දැනෙන නිසා සන්තෝසයක් දැනෙනවා.



හිඟන්නන්ගෙ හිඟන කතා වල මාර ස්ටෝරි තියෙනවා. සමහර ඒවා පට්ට.. කොහොම වුණත් නිර්මාණශීලී, ඇඬෙන කතාවලටයි වැඩි වාසි.. සමහරු සතර අභිනය පට්ට ලෙස භාවිත කරනවා. ඒ අතරෙ ඇත්ත කතා නැත්තෙමත් නෑ. ඒ මොක වුණත් අතේ සතේ නැතුව හතේ හත වැදිල ඉන්න වෙලාවක හිඟන ප්‍රසන්ටේෂන් එකක් ඇහුනොත් නම් මට මල පනිනවා. බඩට මොනව හරි කාල, ඇඳලා පැළඳලා ලකේට පේන්න හිටියත් අපේ ඇතුලෙ පත්තුවෙන ගින්දර හිඟන්නො දන්නව නම් අපිට ඒ වෙලාවල් වලදි ඇණයක් වෙන්න එන එකක් නෑ. අපේ ගෙදර ලොකු ගේට්ටුව, ගෙදර තට්ටු දෙක, වෑන් එක, මල්ලිගෙයි මගෙයි බයිසිකල් දෙක දකින එවුන් හිතනව ඇති අපිට හතර මහා නිධානෙ පහළ වෙලා කියලා. ඒ වෙලාවට ඉතින් අපි කන හැටි ලිපා දනී කියල ෆොටෝ කොපි ගහල එන එන හිඟන්නන්ට බෙදල දෙන්න හිතෙනවා. හිඟන්නන්ට හිඟන්නො වගේ ජීවත් වෙන්න පුළුවන් උණාට අපිට එහෙම බෑ බොලවු!! අලුත් වෙන, වෙනස් වෙන ලෝකෙ එක්ක පහසුවෙන් ජීවත් වෙන්න සල්ලි නෑ කියල ඉන්න බැරි නිසයි, අසීමිත මනුෂ්‍ය ආශාවන් පිනවන්නයි ලීසින්, ෆිනෑන්ස් කියලා කොම්පැනි ජාතියක් ඇවිත් තියෙන්නෙ. රටේ ලොක්කො ලෝකෙටම ණය වෙද්දි අපි රටටම ණය වෙනවා. අනේ අම්මපා හිඟන්නන්ට මෙව්ව තේරෙන්නෙ නැතුවද අපිවම කන්න එන්නෙ?

හිඟන්නෝ යනු පවුකාරයන්ට පිං කරන්න උදවු කරන පවුකාරයෝ පිරිසක් කියලා කවුරුහරි කියලා තියෙනවා වගේ මතකයි. හිඟන්නන්ට දෙනවාට වඩා පුලන්නන්ට දෙන එකේ ආනිශංස වැඩියි කියලත් කතාවක් තිබ්බද මන්දා.. කොහොම උණත් හිඟන්නො ජීවත්වෙන්නෙ අපි නිසා බව නම් කාට උණත් තේරෙනවානෙ. අපි ජීවත් වෙන්නෙ කොහොමද? අපි ජීවත් වෙන්නෙ කවුරු හින්දද? කාවද අපි ජීවත් කරවන්නෙ? කවුද අපි වෙනුවෙන් ජීවත් වෙන්නෙ? ජීවිතේ ප්‍රශ්න පත්තරයක්.. ඒත්.. අතේ මිටේ කීයක් හරි මාරු සල්ලි තියෙනව නම්.. රුපියලක් දෙකක් හරි ඔයාගෙ හිතට අල්ලපු හිඟන ස්ටයිල් එකක් වෙනුවෙන් දීලා කුසලයක් කළා කියල අනුමෝදන් වෙන්න බැරි උනත් ඌත් අපි වගේම හිඟන්නෙක් කියල හිතාගෙන හරි ඔන්න ඔහෙ දීලා දාන්න.